ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා මියයයි


(ඩේලිමේල්)

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා, මුම්බායි නුවරදී මියගිය බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 42 කි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ෂෙෆාලි ජරිවාලා හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බවය. ඒ ඇය හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරද්දීය.

ඇය 'ජරිවාලා, 'මුජ්සේ ෂාදි කරෝගි', 'ශයිතානි රස්මේන්' සහ 'හුදුගරු' වැනි චිත්‍රපට සඳහා දායක වී ඇත.