ඉන්දීය ගගනගාමියා ආපසු එයි


නාසා ආයතනයේ ද සහාය ඇතිව, පෞද්ගලික ගගන මෙහෙයුමකට සම්බන්ධ වී, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටි ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයේ ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා ආපසු පෘථිවියට පැමිණීමට නියමිතය..

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ඉන්දීය ගගනගාමියා වන්නේ ශුභාන්ෂු ශුක්ලාය. ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා ගියේත්, යළි ආපසු පැමිණියේත් ඇක්සියොම් 4 පෞද්ගලික ගගන මෙහෙයුම යටතේය. එම මෙහෙයුමට ශුක්ලා සමඟ තවත් රටවල් කීපයක ගගනගාමීහු එක්ව සිටියහ.