ඉන්දීය ආරක්ෂක උපදේශක චීනයේ


ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ චීන සංචාරය අතරතුරදීය. 

ඉන්දු-චීන සබඳතාවල සම්බන්ධයෙන් දෙදෙනා අතරේ සමාලෝචනයක් සිදුවුණු බව ද පැවැසෙයි. දෙරටේ ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද එම හමුවේ දී අවධාරණය කෙරුණි.

කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත්‍රස්තවාදයට එරෙහිවීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ට පැහැදිලි කළ බව ද වාර්තා වේ.