ඉන්දියාවේ අබිරහස් උණ රෝගය හඳුනා ගැනෙයි


කුඩා දරුවන් 30 දෙනකු ඇතුළු 50 දෙනකු බිලිගත් ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක රැසක පැතිරෙන අබිරහස් උණ රෝගය කුමක්දැයි තහවුරු කර ගැනීමටත් එය හඳුනා ගැනීමටත් ප්‍රාන්ත වෛද්‍ය පර්යේෂකයෝ සමත් වී සිටිති.

වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, එම උණ රෝගය වයිරසයක් නොව 'ස්ක්‍රබ් ටයිපස්' නමැති බැක්ටීරියා ආසාදනයයි.

මේ වනවිට අග්‍රා, ෆිරෝසාබාද්, මතුරා, මේන්පූරි, ඊතා, කස්ගංජ් යන දිස්ත්‍රික්කවලින් රෝගීන් හමුවී තිබේ. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් පමණක් නොව ඇසෑම් ප්‍රාන්තයෙන් ද රෝගීන් වාර්තා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)