ඉන්දියානුවන් ගෙන්වා ගන්න මෙහෙයුමක්


ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ඉන්දීය ජාතිකයන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර, එසේ ඉන්දියානුවන් ඉවත් කිරීමේ මෙහෙයුම 'සින්දු මෙහෙයුම' ලෙස නම් කර ඇත.   

ඊශ්‍රායලයේ සිටින ඉන්දියානුවන්ට ගොඩබිම් දේශසීමා හරහා ඊශ්‍රායලයෙන් පිටවීමට හැකියාව පවතින අතර, ඔවුන්ව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙන ඒමට නියමිත බව ද පැවැසෙයි.

ටෙල් අවිව් නුවර ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරන බව පැවැසෙයි.

එලෙස ඉන්දියාව පැමිණීමට අපේක්ෂා කරන සියලු ඉන්දියානුවන්ට ටෙල් අවිව් නුවර ඉන්දියානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ද දැනුම් දී ඇත.