ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නුවරදී හඳුනානොගත් තුවක්කරුවන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරිනියන් පස් දෙනෙක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වාහනයකින් දකුණු කන්දහාර්හි ගුවන්තොටුපළ වෙත ගමන් කරමින් සිටියදී එම කාන්තාවන්ට වෙඩි තබා ඇතැයි ද ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට එරෙහි කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ද කියති.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි ද වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන් ගමන් කළ වාහනයේ රියදුරු ද මියගොස් ඇතැයි වාර්තාවේ.

