ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයිද කියති. කාබුල් නුවර පොලිස් මූලස්ථානය ඉලක්ක කර ගනිමින් තලේබාන් ත්‍රස්තයින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරංචි කියයි.



