ඇෆ්ගනිස්තානය කැලඹේ


ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින් කැලැඹිණි.

යුරෝපා සහ මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ භූමි කම්පාවේ අපිකේන්ද්‍රය කිලෝ මීටර් 121 ක් පොළොව අභ්‍යන්තරයේ සටහන් වූ බවය.

මේ අතර, දකුණු පිලිපීනය ද  භූමිකම්පාවකින් දෙදරා ගියේය.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය. භූමි කම්පාවලින් සිදුවුණු ජීවිත හානි හෝ දේපොල හානි ගැන හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.

(එන්.ඩී.ටීවී.)