ඇෆ්ගන් සරණාගතයන් බ්‍රිතාන්‍යයේ පදිංචි කරලා


ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි කාලයේ, බ්‍රිතාන්‍ය හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් දහස් ගණනක්, රහසිගත යෝජනා ක්‍රමයක් යටතේ, බ්‍රිතාන්‍යයට ගෙන්වා පදිංචි කරවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ විභාගවන අතර, පවුම් බිලියන ගණනක් වැය කරමින්, ඇෆ්ගන් වැසියන් බ්‍රිතාන්‍යයට ගෙන්වා රහසේ පදිංචි කළ බව අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි, මෙය රහසක්ව තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසි බ්‍රිතාන්‍ය සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය හමුදාවට සහාය දැක්වූ මෙම ඇෆ්ගන් වැසියන්, ඇෆ්ගනිස්තානයේ සිටියේ නම්, ඔවුන් යළි බලයට ආ තලේබානුවරුන් ඔවුන් නිසැකවම මරා දමනු ඇති බැවින්, රහසේ ඔවුන් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීම කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පැහැදිලි කර ඇත.