ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ හරහා රට අභ්‍යන්තරයට කඩා වැදුණි. මහ වැසි සමඟ සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකින් බව පැවැසෙයි.
සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමත් සමඟ, අනතුරුදායක ප්‍රදේශවලින් දස දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇති බවත්, ආපදාවට ලක්වුණු පුද්ගලයන්ට සහන සැලසීමට හමුදාව යොදවා ඇති බවත් වාර්තා වේ.
(බීබීසී)