ඇමෙරිකාවේ වෙඩි තැබීමක්: 2 ක් මරුට: 5 කට තුවාල


පිකප් රියක නැගී ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කොන්චෝ ප‍්‍රාන්තයේ මාර්ගයක ගමන් කළ තරුණයකු සිදු කළ වෙඩි තැබීමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ. දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
23 හැවිරිදි උතුරු කැරොලිනා පදිංචිකරුවකු වන එම වෙඩික්කරු වෙඩි තබා ඇත්තේ මාර්ගයේ ගමන් කළ අයටය. අවසානයේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්තා විය.