ඇමෙරිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 11 ක් මරුට


ඇමෙරිකාවේ පෙන්සිල්වෙනියා ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි සිටි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් විදෙස් ආරංචි මාර්ග පවසයි.

එහි සිටි තවත් පුද්ගලයින් 6 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

යුදෙව් දේවස්ථානයේ පැවති දරුවකුගේ නම් තැබීමේ උත්සවයක් අතර වාරයේ දී ඒ තුළට කඩා වැදුණු 46 හැවිරිදි ඇමෙරිකා ජාතිකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

තුවක්කුකරු මේ වන විට අත්අඩංගුවට ගැනීමට සමත්ව වු බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

(28535)