ඇමෙරිකාවේ ත්‍රස්ත ප්‍රහාරයක්


ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ, බෝල්ඩර් නගරයේ පැවැත්වුණු පා ගමනකට ප්‍රහාරයක් එල්ල විය. 

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ප්‍රහරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එෆ්.බී.අයි. කාර්යාංශය පවසන්නේ, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

පා ගමන පැවැත්වූයේ තවමත් හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නැයි බල කරමිනි. ප්‍රහාරය එල්ල කළ තැනැත්තා 45 හැවිරිදි මොහොමඩ් සබී්‍ර නමැති මුස්ලිම් ජාතික ඇමෙරිකානුවකු බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)