ඇමෙරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහා ලබන අප්‍රේල් දෙවැනිදා සිට සියයට 25 ක බද්දක් පනවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පසුගිය වසරේ පමණක් ඇමෙරිකාවට මෝටර් රථ ලක්ෂ 80 ක් පමණ ආනයනය කර ඇති බව ද පැවැසෙයි. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 240 කි.
ඇමෙරිකාවේ මෝටර් රථ නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අරමුණ වී ඇතැයි පැවැසෙයි.
මේ වනවිට ජපානය, මෙක්සිකෝව සහ දකුණු කොරියාවෙන් ද ඇමෙරිකාවට මෝටර් රථ ආනයනය කිරීම සිදු කරයි.
(ඒ.එෆ්.පී.)