ඇමෙරිකා රජය පරිපාලනයට කෘත්‍රිම බුද්ධියක් ?


ඇමෙරිකාවේ පරිගණක ජාල ආශ්‍රිතව සිදුවන සියලු පරිපාලන කටයුතු කෘත්‍රිම බුද්ධියකට පවරා දීමෙන්, කඩිනමින් සහ සාර්ථකව ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බවත්, පරිපාලන කටයුතු කාර්යක්ෂම වනු ඇති බවත් ඉලොන් මස්කන් පවසයි.

ලොව අංක එකේ බිලියනපතියා වන ඉලොන් මස්ක්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයා ද වෙයි. ට්‍රම්ප් විසින් පිහිටුවනු ලැබ ඇති 'රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව' බාරව කටයුතු කරන්නේ ද ඔහුය.

ඇමෙරිකාවේ පරිපාලන කටයුතු කෘත්‍රිම බුද්ධියකට පවරා දීම සුදුසු යැයි මස්ක් කරන යෝජනාවට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් කිසිවක් පවසා නැත. කෙසේ නමුත්, මෙය බොහෝ දෙනකුගේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් බව පැවැසෙයි.

(අල් ජසීරා)