ඇමෙරිකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන සිඩ්නි ස්කෑන්බර්ග් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය අසු දෙවැනි වියේ පසු වූ ඔහු මිය ගොස් ඇත්තේ හෘද්දයාබාධයක් හේතුවෙනි.
ඔස්කාර් සම්මානයක් හිමි වූ කිලින්ග් ෆිල්ඩ්ස් චිත්‍රපටයේ මුලික වූ වාර්තා කතාව ඔහුගේ අතින් සැකසිනි. එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සේවය කළ ඔහු පුලිට්සර් ත්‍යාගයක්ද දිනාගෙන තිබේ. ඒ කෙමර් රූජ් පාලනය යටතේ කාම්බෝජයේ වැටීම පිළිබද ඔහු පළ කළ ලිපි කිහිපයක් හේතුවෙනි.
1975 සිට 1979 කාලයේ කාම්බෝජයේ පාලක පක්ෂය ගෙන ගිය කෙමර් රූජ්ගේ කාලයේදී විසි එක්වෙනි සියවසෙහි දරුණුම මිනිස් සංහාරය සිදුවිය. ජිවිතක්ෂයට පත් ගණන මිලියනය ඉක්මවූ බව වාර්තා වෙයි. මෙය සිදුවී ඇත්තේ කෙමර් රූජ් විසින් කාම්බෝජය නැවත මධ්‍යතන යුගය වෙත ආපසු හැරවීමේ උත්සාහයක ප්‍රතිපල ලෙස බව කියති. ඔවුහු කුසගින්නෙන්,රෝග වැළදීමෙන් සහ අධික ලෙස වැඩ කිරීම නිසා තෙහෙට්ටුවෙන් මිය ගියහ. මෙම වාර්තා කිරීම් හේතුවෙන් සිඩ්නිට සහ ඔහුගේ සගයාට මරණ තර්ජන එල්ල විය.
කෙමර් රූජ් විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලැබූ වධහිංසා සහ තර්ජන පිළිබදව ද ඔහු වාර්තා කළේය.
සිඩ්නි සහ ඔහුගේ සගයා කම්බෝජයේදී කෙමර් රූජ්ට හසුවන අතර සගයාගේ ආයාචනා හේතු කොටගෙන ඔවුන් දෙදෙනාට නිදහස ලැබුණු හැටි සහ ඔවුන් තායිලන්තය වෙත පලා ආ හැටි අලලා සැකසුණු කිලින්ග් ෆීල්ඩ්ස් චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය.

