ඇමෙරිකා ආරක්ෂක ලේකම් මෙක්සිකෝ ජනපතිනිය හමුවෙයි


මෙක්සිකෝ ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් සහ ඇමෙරිකා ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් අතර හමුවක් පැවැත්විණි. 

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, එම හමුවේදී ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ සංක්‍රමණ, ආරක්ෂාව සහ දෙරට අතර සහයෝගීතාවය පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවය. 

මෙක්සිකෝ ජනාධිපතිනිය ඇගේ එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ට්‍රම්ප් පරිපාලනයේ තීරුබදු නිවේදන සමඟ ලොව වෙළඳ යුද්ධයක් ආරම්භ වී ඇති අවස්ථාවක, මෙක්සිකෝව සහ ඇමෙරිකාව අතර යහපත් සබදතාවක් ගොඩනැගී ඇති බවය.

(බීබීසී)