ඇමෙරිකන් සාම සැලැස්ම රුසියාවට


රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට මැදිහත් වෙමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය සකස් කළ සාම සැලැස්ම රුසියන් රජයට යොමු කිරීම සඳහා ඇමෙරිකන් නියෝජිතයෝ පිරිසක් රුසියාවේ මොස්කව් අගනුවර බලා ගොස් සිටිති.

එම සාම සැලැස්ම යටතේ, දින 30 ක සටන් විරාමයක් ආරම්භ වීමට නියමිත අතර, එම සටන් විරාමය සඳහා මේ වනවිට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ රජයේ කැමැත්ත හිමි වී ඇත.

රුසියන් රජය ද ඊට කැමැත්ත පළ කළහොත්, සාම සැලැස්ම ඉදිරියට යාමට හැකිවනු ඇතැයි ඇමෙරිකාව පවසයි.

(ඒ.එෆ්.පී.)