ඇමරිකාවේ වායු බැලූනය 16කට මරු කැඳවයි


ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි දී වායු බැලුනයක් ගිනිගෙන කඩාවැටීමෙන් එහි ගමන් කළ 16 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ටෙක්සාස්හි ලොක්හාට් ප්‍රදේශයට බැලුනය කඩා වැටී ඇති අතර අධිබලැති විදුලි රැහැන්වල ගැටීමෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ සැක පළ කරයි.