ඇමරිකාවේ ටෙනෙසි රාජ්‍යයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් හය දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
බස් රථය ගසක වැදී වහලය දෙකට පැලී ඇති බවත් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත් බලධාරීහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 35ක් ගමන් කර ඇත. පොලීසිය පවසන්නේ මෙම අනතුර සංකීර්ණ අපරාධයක ස්වරූපයක් ගන්නා බවයි.



