ටොන් 9 ක් බරැති ට‍්‍රක් රථයකින් අඩි 100 ක පිම්මක් පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට විස්මිත වැඩ කිරීමේ දක්ෂයකු ලෙස නමක් දිනාගෙන සිටින ඇමරිකා ජාතික ග්‍රෙග් ජෙෆ්රි පසුගියදා සමත්විය.
මීට පෙර මේ හා සමාන බරැති ට‍්‍රක් රථයක් පැනීමට සමත්ව තිබූ විශාලම පිම්ම ලෙස වාර්තා වී තිබුණේ අඩි 62 කි.
වාර්තාව පිහිටුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෙෆ්රි එතරම් දුරක් පැනගැනීමට හැකිවනු ඇතැයි තමන් කිසිසේත්ම නොසිතූ බව කීය.
පිම්ම පැනීමට ප‍්‍රථමයෙන් ට‍්‍රක් රථය පැයට සැතපුම් 70 ක පමණ වේගයකින් ධාවනය කිරීමට ජෙෆ්රි කටයුතු කළේය.විදුලි වේගයෙන් පස් වැටිය තරණය කළ ට‍්‍රක් රථය අඩි සියයක් දුරින් තිබූ අනෙක් පස පස් වැටිය කරා ළගාවූයේ තත්ත්පර ගණනක් ගුවනේ පාවීමෙන් අනතුරුවය.
ජෙෆ්රි මේ සමත්කම පෙන්වූයේ ඇමරිකාවේ මොන්ටානාහි පැවති විශේෂ උත්සවයක් අතරතුරදීය. මුලදී නරඹන්නන් කුල්මත් කරවීමට විනා වාර්තාවක් පිහිටුවීමට ට‍්‍රක් රථයක් ගුවනේ පාකිරීමට සංවිධායකයින්ගේ අදහසක් නොතිබුණත් ජෙෆ්රිගේ ඉල්ලීම මත ඔවුන් අදහස වෙනස් කරගෙන ඇති බව සදහන්ය.




