ඇපල් - මෙටා සමාගම්වලට දඩයක්


යුරෝපා සංගමය, ඇපල් සමාගමටත් සහ ෆේස්බුක් මවු සමාගම වන ‘මෙටා’ සමාගමටත් නඩු පවරා ඇත. ඒ, ඇපල් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 570 ක් සහ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 228 ක් ආදී වශයෙනි.

යුරෝපා සංගමය මෙසේ නඩු පවරා ඇත්තේ, එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ නීති කඩකළ බවට චෝදනා කරමිණි. මෙසේ නඩු පැවැරීම් කර ඇත්තේ වසරක පමණ කාලයක් තිස්සේ කළ විමර්ශනවලින් අනතුරුව යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)