පැරිස් ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායම් කිහිපයකට වෙඩි තබා තුවාල සිදු කළ නාදුනන වෙඩික්කරුවෙකු සොයා මේ වන විට බෙල්ජියම් පොලිසිය සහ ප්‍රංශ පොලිසිය මෙහෙයුම් දියත් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහු ගිය නොවැම්බරයේ අයි එස් සටන්කාමීන් විසින් පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ මේ වන විට පැවැත්වෙයි.
එම පරීක්ෂණ අතරතුර බ්රුසල්ස් නගරය අවට ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
එම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූහ.
මේ වන විට එම නගරයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානය අසල පාසල් දෙකක් වසා දමා තිබේ.

