අයිඑස් නායකයා මරුට


සිරියාවේ රකා නගරයට රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් නායක අබු බකාර් අල් බැග්ඩෑඩි මියගොස් ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (16) නිවේදනය කළේය. 

අයි.එස් සංවිධානයේ නායකයා මියගොස් ඇත්තේ මැයි 28 වැනි දා රුසියානු ගුවන් හමුදා එල්ල කරන ලද ප්‍රහාරයකින් යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කරගනිමින් සිටින බව ද එම අමාත්‍යාංශය සඳහන් කර ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කර තිබිණි. 

 

රොයිටර් 055