අධික උණුසුමෙන් ඉන්දියාවේ 400ක් මරුට


ඉන්දියාව පුරා පැතිර යන අධික  උණුසුමෙන්   මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තෙලන්ගානා හා ආන්ද්‍රා ප්‍රාන්තවලිනි. එම ප්‍රාන්ත දෙකේම මියගිය ගණන 368ක් යැයි වාර්තා වේ.

දිල්ලියේ වාර්තාගත ලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.5ක් ලෙස වාර්තා වූ අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද පවතිනු ඇතැයි ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(නවදිල්ලියේදීය (එන්.ඩීටීවී))