1911 වසරේදී අඟහරු ග‍්‍රහයාගේ සිට පෘථිවියට කඩා වැටුණු බව සැළකෙන ග‍්‍රහකයක උපල (අග්නි මානික්‍යය)කොටස් ඇති බව අනාවරණයවීමත් සමග අඟහරු මත ජීවය පවතින්නේදැයි සොයා සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයන් වලට නව පණක් ලැබී ඇත.
උපල මානික්‍යය නැතහොත් අග්නි මානික්‍යය යනු ඉතාම දැඩි පාෂාණ වර්ගයක් වන අතර ඒවා සතුන්ගේ ජීවී කොටස් වසර දහස් ගණනක කාලයක් පුරාවට පොසිල ස්වරූපයෙන් රඳවා ගැනීමේ සමත්ය.
පෘථිවියට කඩා වැටුණු මෙම ග‍්‍රහකයේ තිබී උපල මානික්‍යය කොටස් හමුවීමත් සමග විද්‍යාඥයින්ගේ අවධානයද යොමුව ඇත්තේ මේ කරුණ කෙරෙහිය.අඟහරු මත ජීවය පැවතුනේනම් එහි ලකුණක් හෝ අනාවරණය කර ගැනීමට මෙම උපල මානික්‍යය කොටස් අධ්‍යනය කිරීමෙන් හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාසයෙන් සිටිති.
නක්ලා ලෙස නම් තබා තිබෙන මෙම ග‍්‍රහකය 1911 වසරේදී ඊජිප්තුවේ නක්ලා නගරයට කඩාවැටී ඇත්තකි.
ප‍්‍රබල ඉලෙක්ට්‍රෝන මයික්‍රෝස්කෝපයක් ආධාරයෙන් සිදුකෙරෙනු සියුම් පරීක්ෂාවකදී නක්ලා මත උපල මානික්‍යය කොටස් පවතින ලකුණු හදුනාගැනීමට විද්‍යාඥයින්ට හැකිව ඇත.
මෙම මානික්‍යය වර්ගය පෘථිවියේ නම් බොහෝවිට හමුවන්නේ උණුදිය උල්පත් පවතින ස්ථානයන් වලය.උණුදිය උල්පත් යනු බැක්ටීරියා හා තවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්මට ඉතාම සුදුසු පරිසරයක් සපයන්නක් වන අතර එනිසාවෙන්ම එවන් ස්ථාන වල තිබී හමුවන උපල මානික්‍යයන්ගේ බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවි පොසිලයන් බහුලව තැන්පත්ව තිබෙනු හඳුනාගැනීමට පිළිවන.
නක්ලා මත තිබෙන බවට පැවසෙන උපල මානික්‍යය කොටස් වලද ක්ෂුද්‍ර ජීවී පොසිලයන් තැන්පත්ව තිබීමට අවස්ථාව ඇතැයි විද්‍යාඥයින් පවසන්නේ මෙම කරුණ මත පිහිටාය.




