නාය යාම කියන්නේ අතිශය ස්වභාවික සංසිද්ධියක්. මේකෙන් වෙන්නේ එක තැනක තිබෙන පස් තව තැනකට ගොඩ ගැසීම.නාය ගිහින් තමයි සමහර තැනිතලා සහ මිටියාවත් හැදිල තියෙන්නෙ.නමුත් මේ නාය යාම් සමහර මිනිස් ක්‍රියාකාරකම් නිසා ඉක්මන් වෙන්න පුළුවන්.ඒ හැරෙන්නෙ මිනිසුන් නැති කාලෙත් නාය ගිහින් තියෙනවා.ශ්‍රී ලංකාව කියන රට මුහුදු මට්ටමෙන් ඉහළට එසවිලා ඒ කියන්නේ ලංකාව උපත ලබල කාලයක් ගියාට පස්සේ අවුරුදු මිලියන 225ක් 250ක් පමණ කාලෙකට පස්සේ තමයි මහවැලි ගංගාවක් නිර්මාණය වෙලා තියෙන්නෙ. එදා ඉඳන් මේ කාර්ය සිද්ධ වෙනවා.වෙරළ කාධනය වෙලා භූමිය අහිමි වෙනවා ,ස්වභාවික වරායන් හැදෙනවා,බූ රුප නිර්මාණය වෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ සානු ආදිය නිර්මාණය වෙනවා.ඒවා නිර්මාණයේදී මේක අතිශයින් සාමාන්‍ය සංසිද්ධියක්.
අංශක 60ට වඩා වැඩි කඳු මුහුණත් නාය යාම අනිවාර්යයි
සාමාන්‍යයෙන් ලංකාවේ කාලගුණික රටා හා දේශගුණික රටා අනුව භූමියේ කඳු මුහුණත් අංශක 60ට වඩා වැඩි නම් ඒ ප්‍රදේශ ඉබේම මේ ස්වභාවික ක්‍රියාවලියට ලක් වෙනවා.මිනිස්සු හිටියත් නැතත් ඒ දේ සිද්ධ වෙනවා. මේකට නිශ්චිත කාල පරාසයක් කියන්න බෑ.මේක ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. භූගෝල විද්‍යාත්මකව පැහැදිලි කළොත් පෘතුවියේ තියෙන ගුරුත්වයට හැම වෙලාවම ලේසි මේ භූමිය පැතලි වෙලා තියෙනවා නම්. පැතලි වීම සඳහා ඒ කියන්නේ අංශක 180ක් කරගන්න අවශ්‍යය උනාම ස්වභාවිකවම හැමවෙලාවකම මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. සරලව කිව්වොත් ගුරුත්වයට ඕනේ එයාට ලේසි වෙන්න මේ භූමිය හැම වෙලාවෙම තැනිතලාවක් කරගන්න.මනුස්සයෙක් නිදිමත ආවොත් ඇලවෙන්නේ වැටෙන් නැතිව ඉන්න. ඒ වගේ ගුරුත්වාකර්ෂණය බලන්නේ වැටෙන්නෙ නැතිව මේක පොළොවට ඇදලා අරන් පැතලිව තියාගන්න. එතකොට තමයි ස්වභාවධර්මයට පහසු.නමුත් ගල් එක්ක මේ කඳු පොළොවට ඇද ගන්න එක ගුරුත්වාකර්ෂණයට ලේසි නැහැ. ගුරුත්වාකර්ෂණයත් එක්ක හැම වෙලාවෙම මේවා පොළොවට ඇද ගනිමින් තමයි තියෙන්නේ. නමුත් මේක පත්තු වෙන්න (triggering action) ඒ කියන්නේ මේ සිදුවීම සිදුවෙන්න ආසන්නතම හේතු කීපයක් තියෙනවා.ඒ තමයි අංශක 60ට වඩා වැඩි කඳුකර ප්‍රදේශයක් කාලයක් තිස්සේ හොඳට කරවෙන්න පායලා තිබීල මිලිමීටර් 100 ඉක්මවලා හොඳට වැස්සොත් එතන සීයට අනූවකට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා නාය යන්න. ඒක එහෙම වෙන්නේ මාස ගානක් තිස්සේ වියලෙනකොට මව් පාෂාණයට යටින් තියෙන ගල සහ පස්තට්ටු අතර තියෙන සම්බන්ධතාවය යම්තාක් දුරකට දුර්වල වෙනවා. හිරු එළියට වෙලිලා ගස්වලින් ජල වාෂ්ප උරාගෙන පස් තට්ටුවෙ බර අඩුවෙනවා.මේ වගේ වෙලාවක ලොකු වැස්සක් ආවොත් ඒ පස නිකම්ම තල්ලු වෙලා යනවා. ඒ මත ගෙවල් හදාගෙන හිටියොත් හරි ඊට පහළින් ගෙවල් හදාගෙන හිටියොත් හරි අපි විනාශ වෙනවා.
විශාල ගංගා නිම්න නිර්මාණය වීම
කාලෙකට කලිනුත් මේ දේ මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. මිලිමීටර සීයක වර්ෂාපතනයක් ඇතිවුනොත් ඒක හෙක්ටයාර ගණනක වර්ධනය වෙනවා. එතකොට තෙත පිරුණු ස්පොන්ජ් එකක් වගේ පස බර වෙනවා. බර වැඩි වීම නිසා මව් පාෂණයත් එක්ක තියෙන ගර්ශනය අඩුවෙලා පස් තට්ටුව පහළට තල්ලු වෙනවා. අවුරුදු ගණනාවක් එකම විදිහට තිබුණු ගම් අද මෙහෙම වුණේ මිලිමීටර් 100 ඉක්මවලා ගියපු මීටර් තුන් හාරසීය වර්ෂාපතනය ගංගා නිම්න වලට පවා දරාගන්න බැරුව. සාමාන්‍යයෙන් නිම්න සකස් වෙලා තියෙන්නේ අවුරුදු දහස් ගණනක ඇවරේජ් එකකට.ඒවායින් ගලාගෙන යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ වගේ ලොකු වර්ෂාපතනයකදී ඒ එන වතුර පාර ගලා යන ප්‍රමාණයට වඩා හත් අට ගුණයකින් වැඩි වුනොත් ඒක දරාගන්න බැරුව යනවා. ඒ නිසා ඒ නිම්න අවශ්‍ය ප්‍රමාණයට පළල් කරගන්නව.ඉවුරු කඩාගෙන ගිහින් නිම්න පළල් කරගන්නවා. තියෙන නිම්න මදි වුනහම ස්වභාවිකවම අලුත් නිම්න හදාගන්නවා. ඒ නිම්න හදා ගන්නකොට පදාස පිටින් පස්තට්ටු ගැලවිලා යනවා.පස් ගැලවිලා ගිය පාරවල් දිගේ පොඩි වතුර පාරක් යන්නේ ඒ නිසයි. ඔය විදිහට තමයි ඉතිහාසයේ මහවැලි ගඟත් ටික ටික නිර්මාණය වුණේ. එනිසා මේක අතිශය සාමාන්‍ය ක්‍රියාවලියක්.
මරණය කැන්දන ඉදිකිරීම්
මේ දවස්වල චන්ද්‍රිකා ඡායාරූප සහ ද්‍රෝණ තාක්ෂණික ප්‍රතිබිම්බ අනුව බැලුවහම හොඳින් කියන්න පුළුවන් මේ නායයාම් ආරම්භ වෙලා තියෙන්නේ අංශක පනහ හැටට වඩා වැඩි තැන් වලින්. මේවාට තවත් හේතු ලෙස සමහර තැන්වල විශාල ගස් කපා ඉවත් කරල තේ හදලා තියෙනවා, ඒ වගේම ගස් කපලා කුඹුරු යායවල් හදලා තියෙන එක.ප්‍රධාන වශයෙන් කියන්න ඕනෙ ටොයිලට් වලවල් හදන එක.ඉස්සර රජ කාලෙ ටොයිලට් ගියෙත්කැලෑවල් වලට.මේ කටයුත්තට ඉස්සර ගම්මාන වල තිබුණා තිස් බඹය කියලා එකක්. දැන් තමයි මේ බටහිර ක්‍රමයට වලවල් කැපීම සිද්ධ කරන්නේ .මේ වලවල් කැපුවාම මේවායේ වතුර පිරෙනවා. එතකොට මව් පාෂානෙත් එක්ක ගුරුත්වය නිසා පස පහළට බහිනවා .මේකෙන් පහළ තිබෙන පස් තට්ටුවයි මව් පාෂාණයේ අතර තියෙන සම්බන්ධෙ ගිලිහිලා යනවා.මේක තමයි පේරාදෙනිය අවට හල්දුමුල්ල අවට කඳු ආශ්‍රිතව සිද්ධ වුණේ.නුවර එළියට ඕක වෙන බව කියලා තියෙනවා 2013 දී.කාලෙකට ඔය කඳුකර ප්‍රදේශවල එළවළු දානවා. ඊට පස්සේ එළවළු අයින් කරලා ඒ කන්ද flat කරලා හෝටල් හදනවා. ටොයිලට් වලවල්, අපජලය ඒවයින් හැම මොහොතකම පොළොවට ජලය බහිනවා. පස්සේ පොළොව යටින් ජලය ගලන්න ගන්නවා. ලොකු ගස් තියෙන තැනක පොඩි ගස් හිටෙව්වහම ලොකු ගස් වලින් තරම් පොඩි ගස් වලට ජලය වාෂ්ප උරා ගන්න බැහැ.විශාල ගසකින් ජලය වාෂ්ප වන තරමට තේ ගසකින් ජලය වාෂ්ප කරගන්න බැහැ.අනිත් කාරණය තමයි විශාල ගස් කැපුවාම පහළ පාෂාණය දක්වා ඇදලා තියෙන ලොකු විශාල මුල් ටික කාලෙකින් දිරන්න ගන්නවා.ඒ දිරා ගිය මුල් වලිනුත් පාෂාණෙට වතුර ගලා බහිනවා.රබර්වතු අයින් කරලා තේවතු දමන ස්ථාන අවුරුදු විස්සක් ඇතුළත නාය යනවා. මේ වගේ මානව ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් හේතු වෙනවා.
නාය යාම් වලට අපි හිතුවේ ලංකාව බොහොම සුරක්ෂිතයි භූමිකම්පා නෑ නායයාම් නෑ සුළි සුළං නෑ කියලනේ.නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි.
64% ක් කඳුවල අනවසර ඉදිකිරීම්
නාය ගිය ප්‍රදේශ නිසා හැදිලා තියෙන අලුත් බිම් ප්‍රමාණය තාමත් ඇස්තමේන්තු කරලා නැහැ. මේක කරන්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ගොඩනැගිලි හා පර්යේෂණ භූ විද්‍යා හා පතල් දෙපාර්තමේන්තුව එකට එකතු වෙලා. මේ කාර්යයට තව ටික කාලයක් ගතවේවි. ඒ ඉඩම් ආයේ රජය යටතට ගැසට් කරන්න ඕන. ලංකාවෙ අංශක 60ට වඩා වැඩි කඳුකර භූමි අනවසර ඉඩම් වලින් සියයට 64 ක් මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවා. මේවා තුළ තේ වතු , ගෙවල් හෝ මාර්ග හෝ හෝටල් හෝ ඉදිකරල තියෙනව. කඳුවලට තියෙන විශාල ශාක ආවරණ ඉවත් කලහම වැස්සට කොයිවෙලෙත් මේව තෙත බරිතයි. ඒව හොඳයි ගංගා උල්පත්වලට හැබැයි මේවා ගස් වලින් පාලනය කරන්න ඕනේ. දවසක් වහිනකොට ගඟේ වතුර වැඩි වෙනවා. පායනකොට වතුර නැහැ. නියඟය සහ ගං වතුර ළඟ ළඟ එන්නේ මේකයි.
නැවත පදිංචියට
අපේ ලංකාවේ භූමි පරිහරණ සැලසුමක් තියෙනවා. භූමි පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුවට අනුව පවතින සැලසුම් අනුමැතියට ලක් කරලා ජාතික පර්යේෂණ හා ගොඩනැගිලි ආයතනය පර්යේෂණයට ලක් කරලා මධ්‍යම පරිසර අධිකාරියත් පරීක්ෂා කරලා බලලා තමයි මේ ඉදිකිරීම් සිද්ධ කරන්නේ කොච්චර බැලුවත් අවිනීතිකාව හා සදාචාරාත්මක නොවන විදිහට මේ ඉදිකිරීම් ඉතාම නරක විදිහට ලංකාවේ භූමි පරිහරණය සිද්ධ වෙලා තියෙනවා. මේ හැමදේටම හේතුව වැරදි තැනක පදිංචි වීම.එතකොට මේ විපත් අතිශය සාමාන්‍යයි. මේකෙන් ලංකාවේ මව් පාෂාණ තලයට කිසිදු බලපෑමක් නැහැ. මව් පාෂාණ තලයට විශාල බලපෑමක් ආවොත් එන්නේ විශාල වූ කම්පනයකින් විතරයි. මෙතන භූ කම්පනයක් සිද්ධ වෙලා නෑ මෙතන වෙලා තියෙන්නේ පස් තල්ලු වීමක් පමණයි. ඒක ලංකාවේ විශාලත්වයත් සමග ලොකු දෙයක් භූතලයට සිද්ධ වෙලා නැහැ.නැවත පදිංචියට දැනුම් දෙනතුරු නොයා සිටිය යුතුයි.පසේ උඩ තට්ටුව හොඳින් පෙනෙන පරිදි තිබුණත් යට තට්ටු අනිවාර්යෙන්ම නාය යාමට ලක්වෙනවා. නමුත් ඒක කොයි මොහොතෙද කියන්න බැහැ.
නැවත පදිංචි වෙනවනම් තමන්ගේ පළාත් පාලන ආයතනයේ තියෙන කොන්දේසි සියල්ල හරියටම සපුරන්නන ඕනේ. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ අනුමැතියක් ලබාගන්න ඕනේ. ඊට වඩා ලොකු ව්‍යාපාරයක්. කරනවනම් මධ්‍යම පරිසර අධිකාරියේ තත්ත්ව ඇගයීම් වාර්තාවක් ලබාගන්න ඕනේ. මේ ටික අවංකව ගත්තොත් ජීවිතය බේරෙනවා වංකව ගත්තොත් ජීවිතයේ නැතිවෙනවා. මෙවැනි හානි පූර්ණ වශයෙන් ඉවරකර ගන්න බෑ කරන්න පුළුවන් අවම කරගන්න විතරයි.
ලෝකයේ වැඩිපුරම ස්වභාවික ආපදාව වලට ලක්වියහැකි රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන
අපේ රට ගර්ම කලාපීය රටක් ,ඕනම වෙලාවක සුනාමියක් එන්නත් පුළුවන්. ලංකාව කියන්නේ අතිශයින්ම අපදාවලට ලක්විය හැකි රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ආපදා අවදානම් අවම කිරීමේ වාර්තාවේ පසුගිය අවුරුදු පහ පුරාම (2019 සිට) ලංකාව කියන්නේ ලෝකයේ වැඩිපුරම ස්වභාවික ආපදා විපත්වලට පත්විය හැකි රටවල් අතරින් දෙවැනි ස්ථානයේ රටක් බව අපි මතක තබාගත යුතුයි.
ප්‍රතිපත්ති සැලසුම් සම්පාදකයින් සහ රජයට මේවා දැනුම් දිය යුතුයි.රජයට මේවායෙ සැලසුමක් තියෙන්න ඕනේ.හරි දැනුමක් තියෙන අයගෙන් රජයේ උපදෙස් ලබාගත යුතුයි. හල්දමුල්ල,පේරාදෙණිය, ගම්පල ,නුවරඑළිය,කඩුගන්නාවෙත් අංක 94, 96 අධ් අවදානම් කලාප කියලා කලින් නම් කරලා තිබුණා. breaking news බලලා රජයක් තීරණ අරන් බැහැ. මේ සදහා කල යුත්තේ අවශ්‍ය ප්‍රතිපත්ති කඩිනමින් සංවිධානය කිරීමයි.
මහාචාර්ය නිශාන් සකලසූරිය
භූගෝල විද්‍යා අංශාධිපති
කැලණිය විශ්ව විද්‍යාලය
D.N.අභයවර්ධන

