නාය යාම් ලැයිස්තුවේ ඉහලින්ම ඇති කඩුගන්නාව අතීතයේ දුම්රිය මාර්ග ඉදි කිරීමට ගල් විද විශාල බිං ගෙවල් සකසා ඇති නිසාත් පිහිටි ගල මතින් බලන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ග ගොඩනඟද්දි කැඩු කළුගල් පහළ බෑවුමට දමා ඇතැයි විශ්වාස කෙරෙන නිසාත් කැඩි කැඩී කඩුගන්නා කන්ද පිටුපසට යනවා විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පසුගියදා එම ප්‍රදේශයේ නායයාම් නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට ප්‍රකාශ කළා. එම කැඩී ආ ගල් ප්‍රධාන මාර්ගයට ඉහළින් තිබෙන බැවුමේ රැඳී තිබිය හැකි බවත් ඉහළ බෑවුමේ තිබෙන්නේ පිහිටි ගලම කියා විශ්වාස කරමින් වැඩ කළොත් අමාරුවේ වැටෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
මීට පෙර ඉරිතැලී ගිය ස්ථානවල තාර දමා වසා ඇති බවත් එය සාර්ථක ක්‍රමයක් නොවූ බවත් පවසමින් කියා සිටියේ..
"පාර යටින් කොන්ක්‍රීට් බැමි දාලා ස්ථාවර කරන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා දුම්රිය මාර්ගයට පහළින් තිබෙන බෑවුමේ තිබෙන ඇතැම් ගල්වල පැළුම් තිබෙනවා. පිහිටි ගලේ ඇතිවන පිපිරුම් ඇතුලට ගස්වල මුල් ගමන් කිරීම නිසා මෙම පැල්ම තව තවත් ඈත් වීම මව් පාෂාණයේ කොටස් ගැලවී යනව.මේ ගැලවෙන අවස්ථා අද ද නැත්නම් අවුරුදු සීයකින් වෙයිද කියලා කියන්න බැහැ. ඩ්‍රෝන මඟින් මේ අවදානම් කලාප නිරීක්ෂණය කරන්න ඕනෙ. මහා මාර්ගයට පහළින් ඇති බෑවුම් ගැනත් විශේෂයෙන් සොයා බැලිය යුතුයි නාය ගිය ස්ථානයේ සිට මහනුවර දෙසට කිලෝමීටරයක පමණ දුරින් බෑවුම දෙසට වන්නට ගිලා බැසීමක් ද දක්නට ලැබෙනවා.මාර්ගයට ඉහළින් නැති කොටසේ පස් අඩුයි ගලකැඩි කැඩී යන එක තමයි දක්නට ලැබෙන්නේ. මේවා සකස් කරන්න අවශ්‍ය තාක්ෂණය අද ලෝකයේ තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නතර කරලා, අනවසර ඉදිකිරීම් නතර කරලා, වාහන සේදීම සඳහා නල මගින් අධි පීඩන යටතේ ජලය ලබා ගැනීම වැනි කටයුතු නතර කරන්න ඕනේ. මෙවැනි ගැටළු නිසා පසේ ඇතිවන මඩ සහිත ස්වභාවයත් සමඟ අධික වර්ෂාවත් ඇතිවුණාම මව් පාෂාණයෙන් බිඳෙන පාෂාණ කොටස් බෑවුම දෙසට ගල් තල්ලු වෙනවා. යහපත පිණිස තීන්දු තීරණ නොගත්තොත් ලොකු ව්‍යසනයක් අනාගතයේදී කඩුගන්නාවේ ඇතිවිය හැකියි.”
ලෙසිනි.
D.N. අභයවර්ධනය

