ඓතිහාසික සෝමාවතී පුදබිම තිබූ ස්ථානය. සොයා ගන්නට පෙර ඉතිහාසයේ එම ස්ථානය කැලෑවට වල් වැදී තිබියදී මුලින්ම සොයා ගත්තා යැයි කියන වෙද මහත්තයෙක් ගැන අපිට පසුගිය දවසක අහන්න ලැබුණා. ආයුර්වේද වෛද්‍යවරියක් වන අනුරාදා.මහත්මිය අපිට මේ බව පැවසුවේ එතුමිය දැනට පවත්වාගෙන යන ආයුර්වේද මධ්‍යස්ථානයේ මුල් හිමිකරු වන B.A.මෙන්ඩිස් මහතා විසින් එවකට මෙම පුදබිම තිබූ ස්ථානය සොයාගත් බවයි.ඒ කරුණු කාරණා පිළිබඳව අද අපට පැවසුවේ එවකට මෙම මෙන්ඩිස් වෙද මහතා සමග අතීත කතාවට සහභාගී වී කටයුතු කළ පිරිස් අතර සිටි ජෝන් ප්‍රනාන්දු මහතාගේ පුතෙකු වන නිමල් දයාරත්න මහතායි. 

" ඔන්න එක්දාස් අටසිය ගනන් වල බී ඒ මෙන්ඩිස් වෙද මහතා ඒ කාලේ වැල්ලවත්තේ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්. සෝත්සාහයෙන් බෙහෙත් හොයාගෙන,බෙහෙත් හදලා නොමිලේම රෝගීන්ට බෙහෙත් කරලා බොහෝ රෝගීන් සුවපත් කරලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ මේ වෙද මහත්තයා හොයාගෙන ගොඩක් රෝගීන් ආවලු.මේ බෙහෙත් ශාලාව පවත්වගෙන ගිහින් තිබුණේ මරණාධාර සමිතියක් ,සුභසාධන සමිතියක් ඇතුළුව තව සංගමයක් පිහිටුවා ගෙන. මේ සමිති සමාගම් ඇතුලේ තව ගොඩක් අය වැඩ කරලා තියෙනවා. රෝගීන්ට බෙහෙත් හදන්ඩ ,අරිෂ්ඨ හදන්න ,බෙහෙත් හොයාගෙන එන්න වැඩ කරපු අය අතරේ මේ සමිතියේ ආරම්භක සාමාජිකයෙක් තමයි අපේ තාත්තත්. රෝගීන්ට ඕනෑ කරන බෙහෙත් හොයන්න තාත්තා නිතරම මේ වැඩ කරන කීප දෙනෙක් එක්ක මනම්පිටිය පොළොන්නරුව පැත්තට පිටත් වෙලා යනවලු. ඒ අය සුමාන ගණන් සුංගාවෙල, අරදියපතල කඳුරුවෙල පැත්තේ බෙහෙත් හොයන්න කැලෑ පීරමින් ඇවිදිනවා.''
''ඒ කාලේ ඩී.එස්.සේනානායක මහත්තයා ජනපද පිහිටුවල පොඩි පොඩි ගම්මාන හදලා මිනිස්සු පදිංචි කරවලා තිබුණා.තාත්තා කියපු විදිහට නම් ඒ කාලේ බෙහෙත් හොයාගෙන මෙහෙම ඇවිදිනකොට මේ පදිංචිකාරයන්ගෙන් ලොකු සහයෝගයක් වගේම විවිධ දැන ඇඳුනුම්කන් ඇතිවෙලා තියෙනවා. ඒ කාලෙ තිබුණලු මිනිස්සු එහා මෙහා ගෙනියන්න ලොකු ලොරියක්. මේ ලොරිය මේක අඳුන්වලා තියෙන්නේ කැලෑ රජා කියලා.කැලෑ රජාව වගේම කොහොඹ කඩේමුදලාලි වගේ ගමේ බොහෝ දෙනෙක් දැන හඳුනගෙනන තිබුණා. ඒ ගම් පළාතේ දැල් පාලම හරියෙ හිටිය අය හුඟක් හිතවත් වෙලා බෙහෙත් හොයන කටයුත්තට සහයෝගය දක්වල තියෙනව.සුන්නාවෙල ප්‍රදේශයේ කැලෑව පැත්තට යනකොට පොඩි මුස්ලිම් ගම්මානයක් තිබුණලු.ඒ ගම්මානෙ මිනිස්සුන්ගේ ජීවිකාව වෙලා තිබුණේ හරක් ඇති කරන එක සහ කරත්ත රැකියාවෙන් බඩු එහාට මෙහාට ගෙනියන එක. මේ කරත්ත වලින් තමයි බෙහෙත් පැළෑටි එක්රැස් කරගෙන ඇවිත් තිබුණේ.''
''ඒ එක්දහස් නමසිය පනස් ගණන්වල වගේ. තාත්තලත් එක්ක මෙහෙම බෙහෙත් පැළෑටි හොයාගෙන ගිය කට්ටියට වහිනකොට එහෙමඉන්න තැනක් තිබිලා නැහැ. වැස්සට තෙමි තෙමි එතන ඉන්න එක දුෂ්කර නිසා පස්සෙ ගඟ අයිනෙ කූඩාරං ගහගෙන ඉන්න පුරුදු උනාලු. ගඟෙන් බැහැලා එතෙර වෙලා ඉතුරු ටික කරත්තෙන් තමයි ගමන ගිහින් තියෙන්නේ.ඒ ගමේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ගේ කරත්ත වලින් ගිහින් තියෙන මේ ගමන හරිම දුෂ්කරයිලු. මේ ඝන කැලෑව පුරා අලි හිටියා කියලා තාත්තා කියලා තියෙනවා.තාත්තත් එක්ක ඇල්බට් වෙද මහත්තයා වින්සන් පීරිස්, ෆනැන්ඩු කියලා කෙනෙක් එහෙම තව කට්ටියක් එක්ක ගියාලු බෙහෙත් හොයන්න. ඔය යන ගමනෙදි ඒ ගමේ හිටපු තව කිහිප දෙනෙක් අපේ තාත්තලත් එක්ක හාද වෙලා තියෙනවා. ඔය කැලෑ රජා අරන් ගියපු කෙනත් තාත්තලත් එක්ක හිත මිතුරු වෙලා තිබුණා. ඔහොම ඉතින් ගමේ මිනිස්සුන්ගේ උදව් ඇතුව බෙහෙත් පැළෑටි අමුද්‍රව්‍ය හොයන්න කැලේ පුරා පීරන කොට තාත්තලාව එක්කගෙන ගිය ඒ ගමේ මිනිස්සුම කිව්වලු කැලේ ආන්න අර පැත්තෙන් හේවිසි සද්ද ,බෙර සද්ද නිතර ඇහෙනවා කියලා.ඒ ගමේ හිටපු තවත් සමහරු කිව්වලු ඒ පැත්තෙන් රැස් විහිදෙනවා දැකලා තියෙනවා කියලා. ඊට පස්සේ ඉතිං තාත්තාල ගිහින් මේ ගැන මෙන්ඩිස් වෙද මහත්තයටත් කියලා. පස්සේ මේකෙ ඇත්ත නැත්ත හොයන්න තව කීපදෙනෙක් එතෙන්ට පිටත් කරලා යැව්වලු. ඒ ගිහින් ආපු මිනිස්සු ඇවිත් කිව්වලු පස් ගොඩක් වගේ තැනක් එක්ක එතන තව පරණ සුන්බුන් කෑලි වගයක් තියෙනවා කියලා. මේ මිනිස්සු ඒ කෑලි කීපෙකුත් අරන් ඇවිල්ල තිබුනලු. පස්සේ ඇතිවුණු කුතුහලය හින්දා මෙන්ඩිස් වෙද මහත්තය ඇතුළු තාත්තලා සහ තව කීපදෙනෙක් එකතුවෙලා එතෙන්ට ගියාලු බලන්න. ඒ ගියාම මේක පරණ චෛත්‍යක නටබුන් කියල තේරුණාලු. පස්සේ ඉතින් ගමේ කට්ටියත් එකතු වෙලා අනිත් අයයි ඔක්කොමලා මෙතන සුද්ද කරලා පොඩි මඩුවක් වගේ ගහල වට කරලා හැදුවලු. ඒ විහාර භූමිය පැත්තකින් තවත් පොඩි මඩුවක් වගේ ගහලා මෙන්ඩිස් වෙද මහත්තයා කෙනෙක්ව එතන නතර කලාලු. බෙහෙත් හොයන්න කැලෑවට යන හැම වාරයකදිම එයාලා නවාතැන් ගත්තේ මේ මඩුවෙලු. ඒ නිසා මේ හරියෙන් ළිඳක් එහෙම කපාගෙන හොඳින් සකස් කරගෙන තියෙනවා. පස්සේ මේ බව අපේ වැල්ලවත්තේ ගමේ හාමුදුරුවන්ට දැනුම් දිලා ඒ හාමුදුරුවෝ දෙනමකුත් අඬ ගහගෙන ගියාලු බලන්න. පස්සේ අපේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේයි ස්වර්ණ කිත්ති ස්වාමීන් වහන්සේයි මේ ස්ථානයට වැඩම කරවලා පරීක්ෂා කරලා බලද්දි තේරිලා තියෙනවා මේක පැරණි විහාරස්ථානයක නටබුන් කියල. පස්සේ මේ බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කරලා ඒ මහත්වරුත් මෙතන සති ගණනක් ස්ථානීය පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ අනුව මේ තියෙන්නේ ඓතිහාසික සෝමාවතී පුදබිම කියලා තහවුරු වෙලා.''

'' කාලෙත් එක්ක මේ බව ප්‍රසිද්ධ වෙලා මේ සොයාගෙන තියෙන්නේ ඓතිහාසික සෝමාවතී පුදබිම කියල දැනගෙන කට්ටිය ටික ටික යන්න එන්න ගත්තාලු. පයින් වගේම පිටස්තර මිනිස්සු කැලෑ රජාගෙනුත් එන්න ගත්තා. මට මතකයි මට අවුරුදු දහයදි වගේ අපේ තාත්තා මාවත් එක්කගෙන ගියා.වන්දනාවේ යන අයට ඉන්න හිටින්නෙ තැනක්වත් තිබුණෙ නැහැ ඒ කාලේ. ඒ කාලේ ගමනත් හරිම දුෂ්කරයි ඝන කැලෑවෙන් පිරිලා අලි හැම තැනම,පරිසරය දූවිල්ලෙන් පිරිලා.ඒ ගමන සුංගාවෙල පාලම ළඟ නවත්තලා හිටපු අපේ කට්ටිය ඒ කාලේ ප්‍රදේශයේ දිසාපතිව හිටපු රිජ්වේ තිලකරත්න කියන මහත්තයාට ගිහින් මේ දුෂ්කරතා ගැන දැනුම් දුන්නලු. මුලින්ම මේ එන යන අයට ගිමන් නිවන්න තිබුණෙ අපි හදපු සුන්ගාවිල වැව ළඟට පොඩි මඩුව විතරයි. දිසාපතිතුමා මේ දුෂ්කරතාව ගැන තේරුම් අරගෙන මුලින්ම රජයට දැනුම් දුන්නා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අනූ නව අවුරුදු බද්දට අක්කර දෙකක ප්‍රමාණයක සුංගාවිල ඉඩමේ විශ්‍රාම ශාලාවක් හදලා දීලා තියෙනවා.මේක පවත්වාගෙන ගියේ අපේ තාත්තලාගේ වැල්ලවත්ත සමිතියෙන්. රිජ්වේ තිලකරත්න මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවෝ,ඇල්බට් එදිරිසිංහ,ඇතුළු දිසාපති කාර්යාලයේ කට්ටිය මේක දියුණු කරගෙන චෛත්‍යය වර්ධන සමිතිය කියලා සමිතියක් හදාගෙන මේ පූජාභූමිය ටික ටික සංවර්ධනය කලාලු. එක්දාස් නමසිය හැට ගණන්වලදී සුංගාවිල පරණ විශ්‍රාම ශාලාවට මුල්ගල තියලා අලුතෙන් හදවලා තියෙනවා.ඒ කාලේ පළාත් පාලන ඇමති,එහෙමත් නැත්නම් අගමැතිව හිටපු ආර් ප්‍රේමදාස මහතා මැදිහත් වෙලා පයින් සහ කැලෑ රජාගෙන් යන බැතිමතුන්ට අලුතෙන් පාලම්පාරුවකුත් දාලා,මෝටර් සයිකල් එහෙම දාලා යන එන ගමනාගමනය පහසු කරලා තියෙනවා.''
''ප්‍රේමදාස මහතා වගේම පොළොන්නරු මන්ත්‍රී කෙනෙක් හිටියා ඒ කාලේ නෙල්සන් කියලා මේ කට්ටිය මැදිහත් වෙලා චෛත්‍යය ලඟට එනකම් පාර හොඳට හදවලා තියෙනවා. ඒ වගේම විදුලියත් අරන් දීල. ඔහොම තමයි ඉතින් මහියංගන චෛත්‍යය අද තියෙන තත්වෙට දියුණු කරගෙන තියෙන්නේ. පහළ තියෙන ඡායාරූපවල ඉන්න ඉස්සෙල්ලාම මේ චෛත්‍යය හොයාගත්තු කට්ටිය. ඕවා මගේ තාත්තා ළඟ තිබුණේ. ඒ කාලෙ ගත්තු ඡායාරූප නිසා පැහැදිලි නෑ. මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ හොයාගත්තු එකල ගම්වාසීන් ඇතුළු ඇල්බට් වෙද මහතා, ඩී.ඒ.පීරිස්,වස්කඩුවේ ධම්ම කිත්ති හිමි, කොහොඹ කඩේ මුදලාලි ,කැලෑ රජා වගේ අය තමා පහළ ෆොටෝ වල ඉන්නේ. යුද්ධෙ කාලෙදි කරුණා අම්මාන් මේ පුද භූමිය යුධ කඳවුරක් කරගෙන හිටිය. පස්සෙ 2002 වගේ අපේ යුද හමුදාව විසින්ම ඒක මුදාගෙන අත්පත් කරගත්තා. 2009 වර්ෂයේ දී විතර ආපහු මේ විශ්‍රාම ශාලාව අපිට භාර දුන්නා. 2010 දී මෙතන ආරක්ෂාවට පොලිස් මුර පොලක් දාලා තියෙනවා.ඕක තමයි ඉතින් මහියංගන චෛත්‍යය හොයාගත්තු කතාව. මම ඩී.ඒ මෙන්ඩිස් ආයුර්වේද වෙද මහතා ආරම්භක සාමාජිකයෙක් වුනු වැල්ලවත්ත අසරණාධාර ආයුර්වේද බෙහෙත් ශාලා සමිතියේ සහ සුංගාවිල විශ්‍රාම ශාලා වර්ධන සමිතියේ වත්මන් ලේකම් නිමල් දයාරත්න."
D.N.දිනිති අභයවර්ධන



