අපරාධකරුවන් එළියට ගන්න නීති මහත්වරු


- නීතිඥ සුමුදු සඳරුවන්  ලියනආරච්චී

දැන් රැඳවුම් නියෝග අරගෙන රඳවාගෙන ඉන්න කෙහෙල්බද්දර පද්මෙඉෂාරා සෙව්වන්දි වගේ පුද්ගලයන්ට නීතිඥවරු පෙනී සිටියාම අපරාධ නඩු පිළිබඳ නීතිමය ක්‍රියාපටිපාටිය හෝ ඊට අදාල සිද්ධිමය වටපිටාව ගැන නොදන්න බොහෝ දෙනෙක් බනින්න පටන් ගන්නවා.

නීතිඥවරුන් විවිධ පුද්ගලයන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ අතර විශේෂයෙන් අපරාධකාරයො වෙනුවෙන් පෙනී ඉන්නව. ඒ අයගෙන් සල්ලි අරගෙන ඒ ගොල්ලන්ව බේරගන්නවාකුඩුකාරයො, මිනීමරුවො, සත්‍රී දූෂකයන්ගෙන් සල්ලි ගන්නවා. මෙහෙම කරල ප්‍රසිද්ධ පුද්ගලයෙන් නිදහස් වුනොත් එහෙම නැත්නම් ඇපයක් ගත්තම ඔය ගැන මිනිස්සු අතරට . නම ගිය අපරාධකරුවෙක්යැයි පොලිසිය හඳුන්වන කවරෙක් හෝ වෙනුවෙන් හෙට දිනයේ නීතිඥවරයෙකු පෙනී සිටියොත් ඔය බැනුම ආයෙත් අලුත් වෙනවා.

එහෙම කරන්නෙ නීතිය ගැනචූදිතයෙකුට ඇති අයිතිවාසිකම් ගැන, මෙරට ක්‍රියාත්මක නීති ක්‍රමය පිළිබඳවනීතිඥවරයෙකුගේ කාර්‍යභාරය (The role of an attorney at law) වගේම අධිකරණ ක්‍රියාදාමය (Court Procedure) ගැන ඒ අයට දැනුමක් නැති නිසා කියල පෙනී යනවා. නීතිය පිළිබඳ මූලික දැනුමක් නැති මිනිස්සු කරන එවැනි චෝදනා අපි නොසලකා හැරියත් ඒ අය දැනුවත් කළ යුතු නිසා. කෙටි වෙලාවක් අරගෙන කියවලා බලන්න කියලා ඉල්ලා සිටිනවා. 

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළනීතීඥවරයකුට යම් පුද්ගලයකු (සේවාදායකයකු) වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සහ නීතිමය කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන්නේ ප්‍රධාන කරුණු දෙකක් මත පදනම් වී තියෙනවා, ඒවා නම්,

 1. නීතීඥවරයකු ලෙස සුදුසුකම් ලැබීම (General Status):

  2.  පළමුවඑම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court of Sri Lanka) ඉදිරියේ දිවුරුම් දීනීතීඥවරයකු (Attorney-at-Law) ලෙස ඇතුළත් කරනු ලැබූ අයෙකු විය යුතුය.

  මේක නීතිඥවරුන්ට ශ්‍රී ලංකාව තුළ නීතිය ප්‍රගුණ කිරීමට (to practice law) ඇති මූලික සහ පොදු බලයයි.

නීතිඥ වෘත්තිය රටේ මූලික නීතිය වුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇති කරපු වෘත්තියක්,  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරල තියෙන එකම වෘත්තීය නීතිඳ වෘත්තියයි. 

නීතිඥවරුන් බඳවා ගැනීම, දිවුරුම් දීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි සිදු කරන්නේ,  දිවුරුම් දෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 උපලේඛනය ප්‍රකාරව දිවුරුමක් දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටත් සහ ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛනය අනුව දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම නොකරන බවට ඒ කියන්නේ මේ රට තුළ වෙනම රාජ්‍යයක් පිහිට වීමට අධාර අනුබල දීම සිදු නොකරන බවටත් දිවුරුමක් ලබා දෙනවා..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (3) ව්‍යවස්ථාව අනුව වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට චෝදනා ඉදිරිපත් කර තිබුණේ වී  වුවද, නිසි අධිකරණයක් ඉදිරියේ පවත්වන සාධරණ නඩු විභාගයකදී පෞද්ගලිකව හෝ නීතිඥවරයෙකු මඟින් කරුණු කියා පෑමට හිමිකමක් ඇති බව එම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙනවා. 

ඒ අනුව යම් නඩුවකදී චෝදනා ලැබූවෙක් නීතිඥවරයෙකුගේ සහය අපේක්ෂා කරන අවස්ථාවකදි ඔහුට එකී සහය ලබාදෙන්න නීතිඥවරුත් බැඳි ඉන්නවා. මොකද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති ව්‍යවස්ථාපති වගකීමක් නිසා.

නීතිඥ වෘත්තිකයෙක් තමන් ඉදිරියට එන ඕනෑම නඩුවක් භාර ගැනීම කළ යුතුයි. එය ප්‍රතික්ෂේප කරන්න බැහැ. ප්‍රතික්ෂේප කිරිම සිදු කිරීම සඳහා  හේතු ඇත්තේ සීමිත ප්‍රමාණයක්,

එහිදී විශේෂයෙන් තමන්ට නිසි උද්‍යෝගයෙන් (due diligence) එම නඩුව කරගෙන යාමට නොහැකි නම් හා නඩුවට පෙනී සිටීමෙන් සම්බන්ධතා අතර ගැටුමක් (conflict of interest) ඇතිවන බව පෙනීයන්නෙ නම් පමණක් එය භාර නොගත යුතුයි. නීතිඥ වෘත්තිය පිළිබඳ සංකල්පය ලංකාවේ අපිට පමණක් අදාල දෙයක් නෙවෙයි. ඕකට කියන්නෙ Cab Rank Rule කියල. මෙයින් සරලවම කියන්නෙ නඩු තෝරා බේරාගෙන භාර ගැනීමෙන් සේවාදායකයන් වෙනස්කම්වලට භාජනය නොකල යුතුය යන්නයි.

ලෝකයේ ප්‍රධාන නීති ක්‍රම දෙකක් පවතිනවා. 

1. චෝදනාත්මක ක්‍රමය (Adversarial Legal System) 

2. විමර්ශනාත්මක ක්‍රමය ( Inquisitorial Legal System) 

ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නෙ චෝදනාත්මක ක්‍රමය. මෙම ක්‍රමයේදී චෝදනා කරන පාර්ශ්වය (Prosecutor  පැමිණිල්ල) විසින් චූදිත හෝ චූදිතයන් අදාල වරද සිදුකල බව ඔප්පු කල යුතුයි. එය සාමාන්‍ය ඔප්පු කිරීමකින් එපිටට ගොස් සාධාරණ සැකයෙන් ඔබ්බට (Beyond the Reasonable Doubt) ඔප්පු කල යුතුයි. පැමිණිල්ල කියා සිටින වරද තමන් සිදු නොකල බව ඔප්පු කිරීමේ වගකීමක් චූදිතයන් වෙත පැවරෙන්නේ නෑ.

වරදක් (Offense) කියන්නෙ යම් නීතියකින් තහනම් කල ක්‍රියාවක් කිරීම හෝ යම් නොකර හැරීමක්. වරද සිවිල් හා අපරාධ වශයෙන් දෙයාකාරයි. අපි මෙහි අපරාධ වැරදි ගැන පමණක් කතා කරමු.. 

සෑම අපරාධ වරදක්ම සලකන්නෙ රජයට (State) එරෙහිව කරන වරදක් ආකාරයට. ඒ නිසා අපරාධ වැරදි සම්බන්ධයෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පැවරීම සිදු කරනනේ රජය. රජය කිව්වම මේ ගැන නොදන්න ඔබට ගැටලුවක් මතුවෙන්න පුලුවන්.

 මහෙස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය සුරාබදු පාරිභෝගික අධිකාරිය වගෙ ආයතනත් නඩු පවරනවා. ඉතින් කොහොමද රජය නඩු පවරනවා කියන්නෙ කියල..

පොලිසිය සුරාබදු දෙපාර්තමේන්තුව පාරිභෝගික අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවි දෙපාර්තමේන්තුව විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මහජන සෞඛ්‍ය පරීක්ෂක කම්කරු දෙපාර්තමේන්තුව ගොවිජන දෙපාර්තමේන්තුව වගෙ කිව නොහැකි තරම් ආයතන සංඛ්‍යාවක් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනවා. මේ සියලු ආයතන රාජ්‍ය ආයතන. ඔවුන් නඩු පවරන්නෙ රජය වෙනුවෙන්. අන්න ඒකයි රජය නඩු පවරනවා කියල කියන්නෙ.. 

 

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136 (1) අ වගන්තිය අනුව ඉතාමත් සීමිත අවස්ථාවදී පෞද්ගලිකව නඩු පැවරීම කරන්න පුළුවන්. ඒත් එහෙම කරනවා අඩුයි. පෞද්ගලික නඩු පැවරීමකදී සියලු පියවරයන් තමන්ම ගත යුතුයි.

 

නීතිපතිවරයා (Attorney General) තමයි රජයේ ප්‍රධාන නීති නිලධාරියා. ඔහු පෙනි ඉන්නෙ රජය වෙනුවෙන්. සෑම අපරාධ වරදකදීම නීතිපතිවරයා නියෝජනය කරන්නෙ පැමිණිලි පාර්ශ්වය. නීතිපතිවරයාට ඔහුගෙ කටයුතු කරගෙන යාමට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව (Attorney General's Department) .

බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු පවරන්නෙ මහාධිකරණයේ (Criminal High Court) ඉදිරියේ අධි චෝදනා පත්‍ර (indictment) ගොනු කරනවා කියන්නෙ ඒ නඩු පැවරීමට. මහාධිකරණයේ ඉදිරියේ නඩු පවරන්න පුලුවන් නීතිපතිවරයාට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණයි. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පුලුවන් අල්ලස හා දූෂණය සම්බන්ධ වැරදි සඳහා පමණයි. එයත් කොළඹ මහාධිකරණයේ පමණයි. 

නීතිපතිවරයාට පුලුවන් රජය පවරන ඕනෑම නඩුවකට රජය වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වගෙම මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවල විමර්ශන සඳහා නිසි උපදෙස් ලබාදීම. නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නඩුවලදී පැමිණිල්ලෙ කාර්ය පමණක් කරන නිසා අපරාධ නඩු සම්බන්ධයෙන් ඔවුන්ට විශේෂ කුසතාවයක් තිබිය යුතුයි..

ජනතාව හිතාගෙන ඉන්නවා පොලිසිය කවුරුහරු යම් චෝදනාවකට අල්ලගෙන ගෙනාවම ඔහු වරදකාරයෙක් කියල. වර්තමානයේ දී මාධ්‍යකරුවන් විසින් උසාවියට ඉදිරිපත් කරන්නත් කලින් නඩු අහල වැරදිකරු කරල දඬුවම් කිරීමත් සිදු කරල ඉවරයි. 

ඒ වුනාට හොඳට මතක තබාගත යුතු කාරණයක් වෙන්නෙ.  වැරැද්දකට මුලින් අල්ලල ඉදිරිපත් කරන්නෙ සැකකරුවෙක් (Suspect). ඔහුට නිශ්චිත චෝදනා ගොනු කරාම චූදිතයෙක් වෙනවා (Accused) . නඩු අහල අදාල චෝදනා ඔප්පු වුනොත් පමණයි වැරදිකාරයෙක් වෙන්නෙ.

මේකට කියන්නේ "නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය" කියලා.

"නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයයනු නීතිමය මූලධර්මයකිඉංග්‍රීසි බසින් එය "Presumption of Innocence" ලෙස හඳුන්වනවා.

එමඟින්,

- වරදකරුවෙකු බව ඔප්පු වන තුරුනීතිය ඉදිරියේ ඕනෑම පුද්ගලයෙකු නිර්දෝෂී ලෙස සැලකිය යුතුය.

- සැකකරුගේ වරද සාධාරණ සැකයකින් තොරව (beyond reasonable doubt) ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ අභිචෝදක (prosecution) පාර්ශ්වයටයි.

මෙය අපරාධ නීතියේ මූලික පදනම් මූලධර්මයක් වන අතරශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ  පිළිගත් මූලධර්මයක්ද වෙනවා

 

මම ඉහතින් ප්‍රකාශ කළා අපේ රටේ මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා තිබෙනවා අත්අඩංගුවට පත්වන සැකකරුවෙකුට චූදිතයෙකුට හිමිවන නෛතික අයිතිවාසිකම් මොනවාද කියල. ඒවා මූලික අයිතිවාසිකම්. 13 (3) ව්‍යවස්ථාව අනුව චූදිතයෙකුට සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව හෝ නීතිඥවරයෙකු මඟින් කරුණු කියාපෑමේ අයිතිවාසිකම පරම අයිතියක් බවට පත්කර තිබෙනවා.

ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය (Criminal procedure Code) ඇතුළු අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවල චූදිතයන්ගේ අයිතිවාසිකම් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්තිය මානව හිමිකම් ඇතුළු විශ්වීය සම්මුතිවල නීතිඥ නියෝජනයක් ලැබීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබෙනවා.. චූදිතයන්ට ඔවුන්ට හිමි නෛතික අයිතිවාසිකම් ලබාදීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමක්..

 

''නීතිඥවරු උසාවියට බොරු කියනවා,  අපරාධකාරයො බේරගන්නවා යන්නට පිළිතුරක් නඩු ඇසුරින්ම දෙන්නම්..''

 

‘‘මම කිව්වනෙ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වැරදි හැර අනෙකුත් අපරාධ වැරදි සඳහා මහාධිකරණය ඉදිරියේ නඩුපන්න පුලුවන් නීතිපතිවරයාට කියල. අධිචෝදනා පත්‍රයෙ සඳහන් වෙන්නෙ ජනරජය එරෙහිව චූදිතගෙ නම. ඔය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අපරාධ නඩුවලදි සෑමවිටම පෙනී සිටින්නෙ පැමිණිල්ල (Prosecution) වෙනුවෙන් නිසා අපරාධ නඩුවල පැමිණිල්ල පිළිබඳව ඔවුන්ට විශේෂඥභාවයක් තියෙනවා. පොලිසිය විසින් හෝ මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නීතිපතිවරයා වෙත යවන නඩු ගොනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයන් කිහිප දෙනෙක් අධ්‍යනය කරනවා. ඒ නිසා වැරදීම් මගහැරීම් දෝෂ වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි..

 

හැබැයි පසුගිය කාලෙ දැක්ක පවරපු නඩු නීතිපතිවරයා විසින් තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස් කරගැනීම. ඒ වගෙම සාමාන්‍ය තැනැත්තන් නොවන වරප්‍රසාදිත තැනැත්තන්ට එරෙහිව පවරන නඩුවලින් ඔවුන් නිදොස් කොට නිදහස් වීම. ඇයි මෙහෙම වෙන්නෙ ඒකට එක හේතුවක් දැඩි නොසැලකිල්ල වෙන්න පුලුවන්. නමුත් ප්‍රධානම හේතුව තමයි යම් යම් සම්බන්ධතා මත ඉල්ලා අස්කර ගැනීමට හා චූදිතට ජයගත හැකිවන ලෙස දෝෂ සහිතව නඩු පැවරීම..

 

මහාධිකරණය ඉදිරියේ පවරන නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥවරයෙක්. ඒ නිසා විත්තිය හා පැමිණිල්ල නියෝජනය අතින් සමානයි. කිසිම නීතිඥවරයෙකුට බොරු කියන්න බෑ. මොකද අනිත් පැත්තට නීතිඥවරයෙක් හා විනිසුරුවරයෙක් ඉන්නවා..’’

 

‘‘මහාධිකරණය ඉදිරියේ නඩුවලදී  නීතිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව රජයේ රස පරීක්ෂකවරයා අත් අකුරු විශේෂඥයන් ඇඟිලි සලකුණු විශේෂඥයන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා රජයේ වෛද්‍යවරුන් පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් ඇතුළු මුලු රාජ්‍ය සේවයම සමහර අවස්ථාවල පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා. මුලු රජයක්ම පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නකොට චූදිත වෙනුවෙන් ඉන්නෙ නීතිඥවරයෙක් ව්තරයි. මුලු රාජ්‍ය යාන්ත්‍රණයම එකතු වෙලා තමන් විසින්ම එල්ල කරන චෝදනාව පැමිණිල්ලට ඔප්පු කරන්න බැරි එකෙන් පේන්නෙ ඔවුන්ගේ අසමත්බව.  සමහරවිට ඒවා බොරු චෝදනා වෙන්නත් පුලුවන්. චූදිත නිදොස් කොට නිදහස් වීමට පැමිණිල්ලෙ දුර්වලතාවයට වඩා චූදිතයා වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයාගේ දක්ෂතාවයත් හේතුවක් වෙනවා.. 

 

මහාධිකරණයේදී සමහර චූදිතයන්ට නීතිඥ නියෝජනයක් නෑ. එවැනි අවස්ථාවල රජයෙන් නීතිඥවරයෙක් (Assigned Counsel) පත් කරනවා.  රටේ මිනිස්සු කැමති උනත් නැතත් ඔහු කුමන අපරාධකාරයකට චෝදනා ලැබ තිබුනත් ඔහුට නීතිඥ නියෝජනයක් ලැබෙනවා. සේයා දියණිය දූෂණය කර ඝාතනය කල චූදිත වෙනුවෙන් කිසිම නීතිඥවරයෙක් පෙනි සිටියෙ නෑ. නමුත් ඔහුට රජයෙන් නීතිඥවරයෙක් පත් කරා. රජ කාලෙ වගෙ නෙවෙයි සාධාරණ නඩු විභාගයකට (Fair Trial) දෙපා‍ර්ශ්වයටම සවන් දීම අවශ්‍යයි. එය අපේ නීතියෙන් තහවුරු කර තිබෙනවා..

මහාධිකරණය ඉදිරියේ නඩුවකදී දෙපාර්ශ්වයම බලන්නෙ නඩුව දිනන්න. එතකොට දෙපාර්ශ්වයම නීතියේ ඇති හිඩැස් (Loopholes) හොයනවා. ඒවායින් රිංගන්න බලනවා. පැමිණිල්ලට වඩා ඒ හිඩැස් මොනවාද කියල හොයාගන්න තරම්  චූදිතගේ නීතිඥවරයා දක්ෂයි. නීතියේ හිඩැස් වැසිය යුතුයි. හැබැයි ඒ හිඩැස් වහන්න නීතිඥවරුන්ට බෑ. විනිශ්චයකාරවරුන්ටත් බෑ. එය කල යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව විසින්. ඇත්තටම  ඇතැම් නීති යාවත්කාලීන නෑ..

මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩු ගැන කියන්න තියෙන්නෙ නම් සාතිශය සංවේගයෙන්. එහි අපරාධ නඩුවලින් 90% පවරන්නෙ පොලිසිය විසින්,  කණගාටුවට කරුණ නම් ඒ පවරන නඩුවලින් 3% ක් වත් වැරදිකාරයෝ වෙන්නෙ නෑ.

ඇත්තටම මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවලින් 99% ක්ම චූදිතයන් විසින් දිනන්නෙ පැමිණිල්ලෙ අසාර්ථකත්වය නිසා මිස විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ දක්ෂතාවය නිසා නෙවෙයි. කලාතුරකින් චුදිත නීතිඥවරයාගේ දක්ෂතාවයෙන් දිනන නඩුත් තියෙනවා. සමහර නඩු විත්තිය කිසිම දෙයක් නොකලත් දිනනවා. 

මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන නඩු අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි පවරන නඩු බහුතරයක් සාවද්‍ය ඒවා වීම. පොලිසියට කරන්නෙ කවුරුහරු පැමිණිල්ලක් කරනු ලැබීමෙනිසි ලෙස විමර්ශනය නොකරන අල්ලගෙන උසාවි දැමීම. පොලිසියේ මූලික බලාපොරොත්තුව වෙන්නේ සැකකරු වෙත ඇප නොදී රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම. එතනින් එහාට නඩුව දිනන්න පුලුවන්ද  කියලා හිතන්නෙ නෑ.  ඒ වගෙම බහුතරයක් පොලිස් නිලධාරීන්ට පැමිණිල්ල මෙහෙයවීම පිළිබඳව පුහුණුවක් නෑ.. ඇත්තෙන්ම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවරන නඩුවලින් මිනිස්සු යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියෙන් ඈත් කරවනවා..

 

සැකකරුවන් හා චූදිතයන් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරු කරන්නෙ අදාල නඩුවේ සිද්ධිමය කාරණා හා නෛතික තත්ත්වය ගරු අධිකරණයට ගෙනහැර දැක්වීම සිදු  කරනවා. විනිශ්චයකාරයා විසින් සියළු පාර්ශ්වයන්ට සවන් දී නීතිය ප්‍රකාරව නියෝගයක් හෝ තීන්දුවක් ලබාදෙනවා. ’’

ඒ කියන්නේ සැකකරුවෙකුට ඇප දෙන්නෙචුදිතයෙක් වැරදිකාරයෙක් හෝ නිවැරැදිකාරයෙක් බවට පත් කරන්නෙ ගරු විනිසුරුතුමන්ලා විසින්. හැබැයි ඔවුන් ඒක කරන්නෙ පවත්නා නීතියට අනුව අධිකරණමය මනසින්. එය ඔවුන්ගේ කාර්ය භාරය. 

‘‘සාක්ෂි ආඥා පනතේ 126 වගන්තියට අනුව සීමා කිරීම් දෙකකට යටත්ව යම් සේවාදායකයෙක් අප වෙත දෙන උපදෙස් එළි කරන්න බෑ. ඒක අධිකරණයටවත් ප්‍රශ්න කරන්න බෑ. එය ලොව විවිධ රටවල ක්‍රියාත්මක නෛතික තත්ත්වයක්. ඒක වෘත්තීය ආචාර ධර්ම පද්ධතියටත් ඇතුලත් වෙලා තියනවා.

ශ්‍රී ලංකාවේ සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකුට ඇති බලය නීතිමය විධිවිධාන මට්ටම් දෙකකින් ස්ථාපිත කර ඇත:

 සියලුම ලියාපදිංචි නීතිඥවරුන්ට ලබා දී ඇති සාමාන්‍ය වාචික කරුණු දැක්විමේ අයිතිය ( The general right of audience).

 විශේෂිත නඩුවක් සඳහා අවශ්‍ය නිශ්චිත ලිඛිත අධිකාරිය එනම් පෙරකලාසිය (Proxy).

මෙම අධිකාරිය පාලනය කරන නිශ්චිත නීතිමය විධිවිධාන මෙන්න.

1. සාමාන්‍ය වාචික කරුණු දැක්විමේ අයිතිය සහ වෘත්තියේ යෙදීමේ අයිතිය

ඕනෑම අධිකරණයක ප්‍රායෝගිකව කටයුතු කිරීමට නීතිඥවරයෙකුට ඇති මූලික තත්ත්වය සහ අයිතිය 1978 අංක 2 දරන අධිකරණ පනත මගින් ලබා දී ඇත.

 අධිකරණ සංවිධාන පනතේ 41(1) වගන්තිය: මෙය ප්‍රාථමික විධිවිධානයයි. එහි මෙසේ සඳහන් වේ:

 "සෑම නීතිඥයෙකුටම සේවාදායකයින්ට සහාය වීමට සහ උපදෙස් දීමට සහ යුක්තිය පසිඳලීම සඳහා නීතියෙන් ස්ථාපිත කර ඇති සෑම අධිකරණයකම හෝ වෙනත් ආයතනයකම පෙනී සිටීමටආයාචනා කිරීමට හෝ ක්‍රියා කිරීමට අයිතියක් ඇති අතරඑවැනි ඕනෑම අධිකරණයක හෝ වෙනත් එවැනි ආයතනයක ඕනෑම ක්‍රියාමාර්ගයක පාර්ශවකරුවෙකු වන හෝ හිමිකම් කියන සෑම පුද්ගලයෙකුටම නීතිඥයෙකු විසින් නියෝජනය කිරීමට අයිතියක් ඇත."

 

මෙම වගන්තිය නීතිඥවරයෙකුට ඔවුන්ගේ තත්ත්වය සහ සේවාදායකයෙකුට නියෝජනය කිරීමට ඇති අයිතිය ලබා දෙයි.

2. සිවිල් නඩු වල නිශ්චිත අධිකාරිය: නියෝජිතයා

අධිකරණ සංවිධාන පනත පොදු අයිතිය සපයන අතරනීතිඥවරයෙකුට අධිකරණයට ගොස් යමෙකු නියෝජනය කිරීමට හිමිකම් පෑමට නොහැකිය. නිශ්චිත සිවිල් නඩුවක් සඳහාඔවුන් සේවාදායකයා විසින් විධිමත් ලෙස පත් කළ යුතුය. මෙය සිවිල් නඩු විධාන සංග්‍රහය (1889 අංක 2 දරණ ආඥා පනත) මගින් පාලනය වේ.

 සිවිල් නඩු විධාන සංග්‍රහයේ 24 වන වගන්තිය: මෙම වගන්තිය මඟින් තහවුරු කරන්නේ නඩුවක පාර්ශවයකට "පුද්ගලිකව හෝ ඔහුගේ පිළිගත් නියෝජිතයා විසින් හෝ ප්‍රොක්ටර්වරයෙකු විසින්" පෙනී සිටිය හැකි බවයි. ("ප්‍රොක්ටර්" යන පදය නීතිඥවරයෙකු සඳහා භාවිතා කරන පැරණි යෙදුම වන අතර එය නීති සංග්‍රහයේ තවමත් භාවිතා වේ).

 සිවිල් නඩු විධාන සංග්‍රහයේ 27 වන වගන්තිය: නිශ්චිත නඩුවක් සඳහා නීතිඥවරයාට බලය පවරන තීරණාත්මක විධිවිධානය මෙයයි. "ප්‍රොක්ටර් පත් කිරීම" ලෙස නම් කර ඇති මෙම කොටසේ මෙසේ සඳහන් වේ:

 පත්වීම ලිඛිතව විය යුතුය (මෙම ලේඛනය ප්‍රොක්සි හෝ "ඇටෝර්නි වරෙන්තුව" ලෙස හැඳින්වේ).

 එය සේවාදායකයා (හෝ ඔවුන්ගේ පිළිගත් නියෝජිතයා) විසින් අත්සන් කළ යුතුය.

 එය අධිකරණයේ ගොනු කළ යුතුය.

මෙම "පෙරකලාසිය" ගොනු කළ පසුනීතිඥවරයා එම නිශ්චිත නඩුව සඳහා "ලේඛනගත නීතිඥ" බවට පත්වේ. නඩුව අවසන් වන තුරු හෝ අධිකරණයේ අවසරය (අවසරය) සමඟ විධිමත් ලෙස අවලංගු කරන තෙක්, 27 වන වගන්තියේ විස්තර කර ඇති පරිදිපෙරකලාසිය බලාත්මකව පවතී.

3. අපරාධ නඩු වලදී නිශ්චිත අධිකාරිය: ආරක්ෂා කිරීමට ඇති අයිතිය

අපරාධ නඩු කටයුතුවල අධිකාරිය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ දක්නට ලැබෙන පරිදිචූදිතයාගේ සෘජු ව්‍යවස්ථාපිත අයිතියක් මත පදනම් වේ.

 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 260 වන වගන්තිය: මෙම වගන්තියේ පැහැදිලිවම මෙසේ සඳහන් වේ:

 "...ඕනෑම අපරාධ අධිකරණයක් ඉදිරියේ චෝදනා ලැබ සිටින සෑම පුද්ගලයෙකුටම නීතිඥවරයෙකු විසින් වගඋත්තරකියා ආරක්ෂා කළ හැකිය..." ("...every person accused before any criminal court may of right be defended by an attorney-at-law...")

අපරාධ නඩු විධාන සංග්‍රහය මෙය "අයිතියක්" ලෙස තහවුරු කරන අතරස්ථාපිත අධිකරණ පරිචය වන්නේ ලිඛිත ලේඛනයක් ගොනු කිරීමෙන් නීතිඥවරයාට මෙම නියෝජනය විධිමත් කිරීමයි.

 
D.N. අභයවර්ධන