‘විපක්ෂය අසරණ වෙලා‘


(රංජිත් රාජපක්ෂ )

ජනතාවට වඩා විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ උලපනේ  ගඩොල්බෝක්කුව ප්‍ර දේශයේ ප්‍රධාන මාර්ගය නායයෑමෙන් පසු එම මාර්ගය යුද හමුදාවේ ඉංජිනේරු බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය පිලිබදව නිරික්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“නාවලපිටිය සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම කොත්මලේ ඒ ප්‍රදේශවලට සිදු වෙලා තියන විශාල විනාහයත් වෙලා තියනවා මේ ආපදාව විසින්. ඇත්තටම ගත්තොත් මේ නව වටි ජනතාව, ත්‍රිවිධ හමුදාව, දේශපාලන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඔක්කොමලා එකතු වෙලා සෑහෙන ප්‍රමාණයක් ජන ජීවිතයට අදාළ මුලික පහසුකම් ටික ලබා දීලා තියනවා. ලබා දෙන්න උත්සහා කරමින් ඉන්නවා.

දැන් මෙතන තියෙන්නේ නාවලපිටිය නගරයේ ඉදලා ගම්පොළට යන ප්‍රධාන මාර්ගය. දැනට විශාල නායයෑමතක් මෙතන වෙලා තියනවා. ප්‍රධාන පාරත් කැඩිලා, දුම්රිය මාර්ගයත් මීටර් 200ක් වගේ කැඩිලා තියනවා.

මන්ත්‍රීතුමා කිව්ව විදිහට තව එහායින් මීටර් 100ක විතර කොටසක් කැඩිලා තියනවා. ඒ නිසා දැඩි අපි මේ දරන උත්සහයේ ප්‍රථිපලයක් විදිහට අපි හිතනවා තව දවස් 2-3ක් ඇතුලත උපරිම ප්‍රධාන මාර්ගය ජනතාවට වාහාන වලින් යන්න විවෘත කරන්න පුලුවන් කියලා. දැනට මේකෙන් තමයි යන්නේ මීටර් 750ක් විතර බස් එකේ මෙතනට ඇවිල්ලා පයින් ගිහින් තමයි එහා පැත්තට යන්නේ. අපි හිතනවා ඒ දුෂ්කරතාවය දවස් දෙකකින් විසදන්න පුළුවන් කියලා.

නමුත් ඇත්තටම ගත්තතොත් මෙතරම් විනාශයක් සිදු වීමට බලපාන ස්වාභෘවික ආපදාවට අමතරව, පැහැදිලිවම පේනවා මෙතන තියන කාණු, ඇළමාර්ග, බෝක්කු වහලා යම් යම් ඉදිකිරිම් කරලා තියනවා. අපි මේ ඉන්නේත් එහෙම ඉදි කිරිමක් කරපු තැනක.

මිනිස්සු ව්‍යෘපාර කරන්න ඕන. ජීවත් වෙන්න ඕන ඔක්කෝම ඇත්ත. හැබැයි ඒවට ගෙවන්න වෙන වන්දිය ගත්තොත් එහෙම අති විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපි නියෝගයක් දෙන්න නෙවෙයි තේරුම්ගන්න දෙයක්, අපි ඇළ මාර්ග වැහුවොත්, කාණු වැහුවොත්, බෝක්කු වැහුවොත්, අනවසර තැන්වල ඉදිරිකිරිම් කරොත් වන්දි ගෙවන්න වෙන්නේ ජීවිත සහ හැමදේකින්ම.

ඒ නිසා අපි කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ අනවසර ඉදි කිරිම්වලට ඉඩ දෙන්න. නමුත් අපි දන්නවා ජනතාව අවුරුදු 25-50ක් තිස්සේ වැරදි ක්‍රමයක් යටතේ පුරුදු වෙච්ච දේවල් තියනවා. ඒවා එක පාර අපිට එක නියෝගෙයකින් වෙනස් කරන්න බෑ. ඒ නිසා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි මින් ඉදිරියට අලුතෙන් එහෙම දේවල් වලට යන්න නොදි ක්‍රමානුකූලව ජනතාව ආරක්ෂිත තැන්වලට ගෙනියන එක.

ඉතින් දැන් අපිට, මං හිතනවා මාර්ග විවෘත කරාට පස්සේ අපේ අරමුණ තියෙන්නේ, MBRO එකේ වාර්ථාව මත පදනම් වෙලා මාර්ගය අපි හොදට හදනවා. බොහෝ දුරට පස ආරක්ෂා කරන සොයිල් ප්‍රොටෙක්ෂන් වෝල් එක්ක මේ පාර හැදුවොත් අපි හිතනවා, එවා එදපු ගොඩක් තැන්වල එවා ආරක්ෂා වෙලා තියන නිසා යම් උත්තරටක් වෙයි කියලා.දැනට මුදල් වෙන් කරලා තියනවා මහාමාර්ග අමාත්‍යාංශයෙන්.

ඒ වගේම මේ රේල්පාරේ කටයුතු ගත්තොත් ටිකක් සංකීර්ණයි. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා. දැනට දුම්රිය මාර්ග යම් ප්‍රමාණයක් ඕපන් කරලා තියනවා ඔෆිස් ට්‍රෙයින්ස්.  බදුල්ල හපුතලේ මාර්ගය විවෘත කරගන්න අපි ගොඩක්ම අවසාන මට්ටමට ඇවිල්ලා තිබෙන්නේ.  අපිට අභියෝගය තියෙන්නේ පේරාදෙණියයි නානුඔයයි අතර කොටස. ඉතින් ඒක මේ වගේ ඒවා නිසා ටිකක් දුෂ්කර වෙලා තියනවා. ඒවත් උපරිම ඉක්මනින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.