(ගයාන් සූරිය ආරච්චි)
වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂාන්තන් පෙරේරා නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.
එම නිවසේ අයිතිකරු විදෙස්ගත වී සිටින අතර මියගිය පුද්ගලයා එහි මුරකරු වශයෙන් සේවය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
එම නිවසට ඇතුළු වූ සැකකරුවන් මූලකරුගේ අත පය ගැට ගසා ඝාතනය කර තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.