( අමල් වික්‍රමරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර සම්මේලනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසලින්ම ආසනයක් සූදානම් කර ඇතැයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඒ මහතාගේ නිවසේදී අද (02) පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවසීය.
“ඔබතුමා අපිට හිටපු ජනාධිපති නෙමෙයි අදත් ජනාධිපති.හෙට දවසේ සම්මේලනයේ ප්‍රධාන පුටුව මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක ඔබ තුමාට පමණයි ලැස්ති කරල තියෙන්නේ. අන්න ඒ පුටුවට අපි ආරාධනා කරනවා.පක්ෂ පාට භේද නැතුව එකම පක්ෂයක් විදියට අපි නැගිටිමු කියල ඒ ආරාධනාව අපි කරනවා.
ඔබට ගැලපෙන පුටුව සම්මේලනයේ අපි ලැස්ති කරලා තියෙනවා.ඒක දුරබැහැර නෙමෙයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා අසලින්ම.සභාපති තුමා හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ඔබතුමාත් අපිට දෙන්නෙක් නෙමේ එක කෙනෙක් විදියට අපි සලකන්න කටයුතු කරනවා. “
“ඔබතුමා ඉන්නේ වැරදි තැන අපේ මහගෙදරට ගොඩවෙන්න කියල අපි ආරාධනා කරනවා.අපේ මහගෙදර ලෑස්තිවෙලා වෙලා ඉන්නවා ඔබතුමා පිළිගන්න.අපි වැඩිම අත්පුඩිය ගහන්නේ සම්මේලනයට ආවොත් ඔබතුමාට.ඔබතුමාට පිට තැනක් නොවෙයි අපේ තැන .මගේ තැන.ඔබතුමා අවොත් අපිට වීරයෙක්.පක්ෂයට ශක්තියක් ඊලග මැතිවරණ දිනන්න.“
“ඔබතුමාත් අපිට ඉන්න ඕන.ඔබතුමයි මෛත්‍රීපාල ජනාධිපති තුමයි දෙන්නම අපිට ඕන.දෙපැත්තටවෙලා සෙල්ලම් ගෙවල් හදාගෙන ඉන්නේ නැතුව අපිව නලවන්නේ නැතුව අපිත් එක්ක එක්වෙලා ශක්තිමත් අත්තිවාරමක් දාන්න කියන ආරාධනා කරනවා. සෙල්ලම් ගෙවල් හැදුව ඇති මහගෙදරට එන්න කියල අපි ආරාධනා කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගුල් ගෙදරකට ලැස්ති වෙන්න වගේ මුළු රටම ලැස්ති වෙනවා.අපි 66 වැනි සංවත්සරය මහ ඉහළින් සමරනවා වගේම 70 වැනි සංවත්සරයත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් සමග අපේ රජයක් යටතේ සමරනවා කියල අපි විශ්වාසයෙන් කියනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.