බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අධිවේගයේ බස් රථ සඳහා ජාතික  ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව  විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය. 

මෙම ජාවාරමට එරෙහිව දිගින් දිගටම කතා කරන නිසා තමන්ට මරණ තර්ජන ද එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන්  පොලිස් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඔහු  ඉල්ලා සිටියේය.