(රංජිත් රාජපක්ෂ)
“දිට්වා” සුලි කුණාටුවත් සමඟ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ශාන්ත මේරිස් විද්‍යාලයේ පහත් බිම්වල පිහිටි ගොඩනැගිලි 6ක් ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් පරික්ෂාවට ලක් කර ඇත.
පාසලේ පන්ති කාමර කිහිපයක් සහ උසස් පෙළ විභාගය පවත්වාගෙන යන ගොඩනැගිලි කිහිපයක් තුලින් ජලය මතු වී ගිලා බැසීමේ අවධානමක් පවතින බවට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම්වරයාට සිදු කරන ලද දැනුම්දීමත් මත ජාතික ගොඩනැගිලි පර්යේෂානයතනයේ නිළධාරින් විසින් එම පාසල වෙත පැමිණ එම පරික්ෂාව සිදු කර තිබේ.
ශාන්ත මේරිස් විද්‍යාලයේ ක්‍රීඩංගණයට සමගාමීව එම ගොඩනැගිලි 6 ඉදි කර ඇති අතර, එම ක්‍රීඩංගණය අසලින් බ්‍රිඩ්වෙල් ඔය කෙසෙල්ගමු ඔයට ගලා බසියි.
කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලන සැම අවස්ථාවකම ශාන්ත මේරිස් විදුහලේ ක්‍රීඩාංගනය සහ එම ගොඩනැගිලි 6 නිරන්තරයෙන්ම ජලයට යට වේ.
පසුගිය දිනවලද පැවති වර්ෂාවත් සමග එම පාසල් ක්‍රීඩාංගනය සහ ගොඩනැගිලි ජලයෙන් යට වී තිබුණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් එම ගොඩනැගිලි පරික්ෂා කිරිමෙදි ඇතැම් ගොඩනැගිලි තුලින් ජලය කාන්දු වන බවට නිරික්ෂණය වී ඇති අතර, එම පාසලේ ගොඩනැගිලි සම්බන්ධයෙන් වාර්ථාවක් ඉදිරි දින වලදී නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දෙන බව ජාතික ගොඩනැගිලි පරියේෂනායතනයේ නිළධාරින් විසින් පැවසූ බව එම විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේය.

