(ඉන්දිකා රාමනායක)
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි.
මොවුන් වැල්ලම්පිටිය වෙලේවත්තේදී යක්කල ප්‍රදේශයේ ලැගුම්හලක සැගව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.