(ශාන්ත රත්නායක)
‘ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තුනෙන් දෙක සාදා ගැනීමට‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අත් පත්රකා බෙදාදීමකට එක්වෙමින් කියා සිටියේය.
පසුගිය 20 වැනිදා පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට මිලියන ගණන් සල්ලි බෙදා දී බවත් ඒ අයුරින්ම රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යන බවත් ඔහු කීවේය.




