(මනෝප්‍රිය ගුණසේකර )
බාලවයස්කාර දැරියක් තමන්ගේ හෝටලයට රැගෙන ගොස් දූෂණය කළ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුම් නියම කළේය.
ඊට අමතරව දූෂණයට ලක් වූ දැරියට දෙලක්ෂ පනස්දහසක වන්දියක් ගෙවීමට නියම කළ විනුසුරුවරයා රුපියල් විසිපන්දහසක දඩයකට යටත් කෙරිණි.
වන්දිය හා දඩ මුදල් නොගෙව්වොත් අමතර වසර 3 ක සිරදඩුවකමද ඔහුට පැනවීය.
තමන් යටතේ සේවය කළ අඹු සැමි යුවළකගේ 14 හැවිරිදි දියණිය 2012 වසරේදී තමනට අයිති හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට නීතීපතිවරයා විසින් ඔහුට විරුද්ධව චෝදනා නගා තිබිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන්ම හතා පෙනී සිටියේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා