මාර්ගඵල හා මාර්ගඵල වල ස්වභාවය පිළිබඳ විග්‍රහකළ හැක්කේ එම මර්ගයේ නිවැරදිව ගමන් කොට මාර්ගඵල ලැබූ අභිඥා හෝ පංච අභිඥා ඇති උත්තමයෙකුටය. වත්මන වනවිට ඇතැමුන් මර්ගඵල ලැබුවේද යන්න ප්‍රකාශ කළ හැක්කේ බුදුවරයෙකුට පමණක් යැයි ප්‍රකාශ කරති. තමන් ලැබූ ඵලය කිසිවෙකු ගෙන් අසා දැනගත යුතු නොවේ. තම සිතට සිදුවූ දෙය තමාටම දැනගත හැකිය. මෙකල බුදුවරයෙකු ජීවමානව වැඩ නොසිටින මුත් මේ ධර්මය සන්දිට්ඨිකවේ. සන්දිට්ඨික ධර්මය තුළදී තමා ලැබූ මාර්ගඵලය කුමක්දැයි තමාටම දැනගත හැකිය. භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ පසු තමා බුද්ධත්වයට පත්වූයේ දැයි කිසිවෙකුගෙන් නොවිමසුවේය. එලෙසම උන්වහන්සේගේ ලය මඬලෙහි උපන් සුජාත පුත්‍රයන්ද එසේමය.
බුදුපියාණන් දවස ද මාර්ගඵල ලැබූ උන්තමයන් තමන් ලැබූ මාර්ගඵලත්වය තථාගතයන් වහන්සේගෙන් නොවිමසන ලද්දේය. තථාගතයන් වහන්සේ ද යම් පෘථග්ජන අයෙක් මේ උත්තමයන් මාර්ගඵල ලැබුවේද යන්න ඇසූ විට එය ඔහුටම පසක් වන ලෙස දේශනාවන් සිදුකිරීම භාග්‍යවතුන් වහන්සේ නමකගේ සිරිත වේ. පිංවත් කරන්දෙණියේ ප්‍රඥාදීප ස්වාමීන් වහන්සේ මාර්ගඵල වල ස්වභාවයන්, මාර්ගඵල පිළිබඳවත් නූතනයේ අවශ්‍යතාවයන් මත මෙලෙස පෙන්වා දුන්හ.
බුදුපියාණන් වහන්සේ නමකට කිසි දිනෙක ස්වභාදහමින් කරදරයක් නොවෙති. බුදුපියාණන් වහන්සේගේ අනන්ත බුදුගූණ හමුවේ ස්වභාදහම් පවා ඊට අවනත වී ක්‍රියා කරනු ලබයි. බුදු පියාණන්වහන්සේ නමක් යනු මේ විශ්වයේම සිටිනා එකම විශ්වයම අවබෝධ කළ උත්තමයන් වහන්සේය. උන්වහන්සේ හා සමාන අයෙක් වූ උන්වහන්සේට ඉහළ හෝ යමෙක් නොවෙති. ස්වභාදහම විසින් බුදුවරයෙකු අනන්ත සංසාරය තුළ අසංඛ්‍යය කල්ප ලක්ෂ ගණනක් ගත කරමින් නිර්මාණය කරනු ලැබූව ද, එම උත්තමයන් වහන්සේගේ අනන්ත ගුණ හමුවේ ස්වභාදහම පවා කම්පා වීමක් සිදුවේ. අවනතවීමක් සිදුවේ. එම නිසාවෙන් කිසි දිනක භාග්‍යවතුන් වහන්සේ නමකට අව්, වැසි, සුළඟින්, සීතල ආදියෙන් විපතක් බාධාවක් නොවෙති. භාග්‍යවතුන් වහන්සේ නමක් වනාහි මිනිසුන් සුළු කොට තැකුවද අසිරිමත් හැකියාවන් ඇති උත්තමයන් වහන්සේ නමකි. භාග්‍යවතුන් වහන්සේ අව් රශ්මිය ඇති මොහොතක වඩිනුයේ නම් උන්වහන්සේගේ අනන්ත බුදුගුණ හමුවේ රශ්මි මාලාව හමුවේ අව් රශ්මිය පවා අඩුවී තථාගතයන් වහන්සේ වෙත පතිත වේ. එලෙස සිදුකිරීමට පවා ස්වභාදහම අවනත වෙති. ගෞරව කරති. බුදුවරයෙකුට හැර අන් කිසිවෙකුට ස්වභාදහම මෙතරම් අවනත නොවෙති. අනන්ත බුදුගුණ හමුවේ තුන්ලොවත්, විශ්වයත් සැනසීම ලබයි. මෙම සටහන ලියන මෙම මොහොත වන විටත් මේ තිස්එක් තලයෙන් පිට පෘතුවියට සමාන්තරව අනන්ත දුරින් පිහිටි ‘විභජ්ජව’ නම් ලෝකධාතුව තුළ මේ වන විටත් බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව වැඩ සිටිති. බුදුවරයෙකු වනාහි විශ්වයම අවබෝධ කළ උත්තමයෙකි. යම් අයෙක් විශ්වය තුළින් කුමන ප්‍රශ්නය ඇසුවද බුදුවරයෙකුට එයට පිළිතුරක් ලබා දිය හැකිය.
එමෙන්ම බුදුවරයෙකුට කිසි දිනක කිසිවෙකුට සිල්දීමේ හැකියාවක් නොමැත. බුදුවරයෙකුට හැකිවනුයේ යම් අයෙකුට සීලවන්තයෙකු වීමට අවශ්‍යය මාර්ගය පෙන්වා දීම පමණි. එම නිසා බුදුපියාණන් වහන්සේ නමක් සියලු සත්වයන්ට පන්සිල් පද පහක් දේශනා කර තිබේ. යම්කිසි පුද්ගලයෙකු එකී පන්සිල් පද පහ ආරක්ෂා කරගනු ලබන්නේ නම් එම පුද්ගලයා ඉබේටම සීලවන්තයෙකු බවට පත්වේ. එම නිසා කිසිවෙකුට සිල්දීමේ හැකියාවක් බුදුවරයෙකුට නැත. එසේ සිල් දීමේ හැකියාවක් බුදුවරයෙකුට තිබුණේ නම්, බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි සියලු දෙනා හට සිල් හා මාර්ගඵල ලබා දෙනු ඇත. බුදුවරයෙකුට කළ හැක්කේ සීලවන්තයෙකු වන ආකාරය කියාදීම හා නිවන් දකිනා මාර්ගය කියා දීමය.
මෙය උපමාවකින් පවසන්නේ නම් යම්කිසි පාසලක ඉගෙනුම ලබන දරුවෙකුට ඉගැන්වීම් සිදුකරන ගුරුවරයෙකුට හැකියාව තිබෙනුයේ එම දරුවන්ට වෛද්‍යවරයකු වීමට හෝ ගුරුවරයෙකු වීමට අවශ්‍ය දේ ඉගැන්වීම හා කියාදීම පමණි. එය හැර එම ගුරුවරයාට එම දරුවන්ට ගුරු පත්වීමක් හෝ වෛද්‍ය පත්වීමක් ලබා දීමට හැකියාවක් නොමැත. එලෙසම බුදුපියාණන් වහන්සේද අපගේ උත්තම ගුරුවරයා හා කල්‍යාණ මිත්‍රයා වන්නේය. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කොට ඇත්තේ ‘ලොව්තුරා බුදුන් වූ මා හට වන්දනා කිරීමෙන් ඵලක් නොමැත, මා දේශනා කල ධර්මය අවබෝධ කර ගනිමින් සංසාර දුක නැති කරගැනීමට උත්සුක විය යුතුය.’ යනුවෙනි. සූර්යයා වෙනත් කිසිදු ප්‍රභවයක් මත නොයැපෙන්නා සේ අති අතිප්‍රබල මිනිස් මනසට, ඇසට ගෝචර නොවන ශක්ති ධාරාවක් භාග්‍යවතුන් වහන්සේ නමක් තුළ පවතී. එය සංසාරේ රැස්කරන ලද සම්පූර්ණ කරන ලද අපමණ පාරමිතා ධර්මයන්ගේ බලයයි. බුදුරජාණන් වහන්සේ නමක් යනු බෞද්ධයන්ට පමණක් ලෙස වර්ගීකරණයකට ලක්කල හැකි උත්තමයකු නොවෙති. සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙතම පරම සත්‍ය වටහා දෙන්නා වූ උතුම්ම මිනිසා වේ. ඒ උතුම් මනුෂ්‍ය රත්නය වෙත ආගමක් නොමැත. එම උතුම් රත්නය වටහා ගත් දේ පමණක් ලොවට අනුකම්පාවෙන් පහදා දෙනු ලබයි.
බුදුපියාණන් වහන්සේ නමක් වනාහි සමස්ත විශ්වයක්ම අවබෝධ කරන්නා වූ උත්තමයන් වහන්සේ නමකි. විශ්වය වනාහි ඉමක් කොනක් සොයාගත නොහැකි දෙයක්මය. මෙම විශ්වය කිසිවෙකු විසින් මවන ලද්දක්ද නොවෙති. එකී මහා විශ්වයම අතැඹුලක් සේ අවබෝධ කළ උත්තමයෙක් වේ නම් ඒ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමක්ම වන්නේය. ලොව්තුරා බුද්ධත්වයට පත්වන බෝධිසත්ව උත්තමයන් වහන්සේ නමක් විශ්වය තුළ නොඋපදින ස්ථානයක්ද නොමැත. එම සෑම ස්ථානයකම උත්පත්තිය ලබන උත්තමයන් වහන්සේ ඒ ඒ ආත්මභවයන් තුළ ඇති දුක අවබෝධ කරනු ලබයි. එලෙස පාරමී පූර්ණයේ කරනු ලබන මතු බුදුවන උත්තමයෝ බෝසත් අරණ තුළ උත්පත්තිය ලබා සර්වඥතා ඥානයේ සමස්ත විශ්වයම නුවණින් දැක අවබෝධ කරගනු ලබයි. අනන්ත සංසාර ගමන තුළ අනේක විද දුක් විඳිමින් ලෝකවාසී සත්වයන් කෙරෙහි අපමණ කරුණාවෙන් කටයුතු කළ උත්තමයන් වහන්සේලා වනුයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාම පමණි. උන්වහන්සේලාගේ ගූණ කොතෙක් කීවද, කියා නිමකළ නොහැකි ගුණ කදම්බයකි. මේ විශ්වය තුළ උන්වහන්සේ හා සමාන කළ හැකි දෙයක් නොවන්නේමය. යම් අයෙක් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු හා සමාන කළ ද බුදුපියාණන් වහන්සේ නමක් සාමාන්‍ය පුද්ගලයෙකු හා සමාන නොවන බව දතයුතුය. මිනිසෙකු බුදුවරයෙකු බවට පත්වුවද බුදුවරයෙකු වීමෙන් පසුව එම උත්තමයන් මනුෂ්‍යයේ රත්නයක් බවට පත්වේ. බුදුපියාණන් වහන්සේ නමක් විසින් පුරන ලද මහා පාරමී සම්භාරයක් සමගින් ‘සංසාර චක්‍රයෙන්’ මිදෙන මාර්ගය හෙවත් නිවන් මාර්ගය කිසිදු ගුරු උපදේශයකින් තොරවම තනිවම සොයා ගනිමින් අවබෝධකර ගනු ලබයි. එලෙස සංසාර චක්‍රයෙන් උන්වහන්සේ මිදී මිදෙන මාර්ගය ද අවබෝධ කිරීම නිසා බුදුපියාණන් වහන්සේ නමක් මනුෂ්‍යයෙකු ලෙස සැලකිය නොහැකිය.
බුදුපියාණන් වහන්සේ නමක් යනු මේ ලෝකය තුළ පහළ වූ, පහළ වන ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේම වන්නේය. පුද්ගලයෙකුට සංසාර ගමන අවසන් කිරීමට අවශ්‍ය නිවන් මාර්ගය පෙන්වා දීම බුදුපියාණන් වහන්සේ නමකගේ පරම යුතුකම වන්නේය. මාර්ගඵල වල ස්වභාවයන් පෙන්වා දිය හැක්කේ බුදුපියාණන් වහන්සේ නමකට හේ මාර්ගඵල ලාභී උතුමෙකුට පමණි. විශේෂයෙන් බුදුපියාණන් වහන්සේ හැරුණු කොට ගෙන පංචාඅභිඥා හෝ අභිඥා ඇති මර්ගඵල ලාභී උතුමෙකුටය. එය මේ ආකාරයෙන්ද පෙන්වා දිය හැකිය. යම් මාර්ගයක ගමන් කළ පුද්ගලයෙකුට එම මාර්ගයේදී හමුවූ දෑ, පහුකළ දෑ මෙන්ම එම මාර්ගයේ ස්වභාවයද කිව හැකිය. එම මාර්ගයේ නොයන ලද අයෙකුට එය කිව නොහැකිසේය. ඒ අනුව අභිඥාලාභී පිංවත් කරන්දෙණියේ ප්‍රඥා දීප ස්වාමීන් වහන්සේ මාර්ගඵල වල ස්වභාවය මෙලෙස දේශනා කරන ලදී.
සෝවාන් මාර්ගඵල ලාභී වීම යනු සීලය සම්පූර්ණ වීමයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිත්වයෙන් සීලය සම්පූර්ණ වීමයි. සෝවාන් ඵලයේදී සීලය සම්පූර්ණ වුවද සමාධිය හා ප්‍රඥාව වැඩෙමින් පවතී. සෝවාන් වූ මාර්ගඵල ලාභීන්ට ගිහි ජීවිතයේ බිරිඳ හා දරුවන් සමග එකට ජීවත් වීමේ හැකියාවක් ඇත. එම සෝවාන් වූ අය ගිහි ජීවිතයේ රැඳුණද නිරන්තරයෙන් සිතට පැමිණෙනුයේ සියල්ල අස්ථීර බව හා මේ ලෝකයේ අස්ථිර බවයි. සෝවාන් වූ අයගෙන් වැරදි වීමට ඉඩ තිබුණ ද ඒ අයගේ වරද තමන්ගේ වරදක් බව අවබෝධකර ගෙන නැවත එම වරද නොකර සිටී. මෙහිදී වැරදි ලෙස හඳුන්වනු ලැබුවේ ආනන්තරීය පාපකර්ම හා අමනුෂ්‍යය ගති ඇති මිනිසුන් කරනා වැරදි ක්‍රියා නොවෙති. නිදසුනක් ලෙස සෝවාන් වූ පුද්ගලයෙකු සපාකෑමට සුනඛයෙකු දිව පැමිණේ. එවිට එම සෝවාන් පුද්ගලයා සුනඛයා ගෙන් බේරීමට ගලකින් ගසයි. එය සිදුවිය හැක්කකි. මන්ද සෝවාන් වීමේදී සීලය සම්පූර්ණ වූවා මිස භය, භීතිය නැතිකරේ නැත. ජීවිතයට ඇති ආසාව නැතිකරේද නැත. ජීවිතයට ඇති ආසාව නැතිවනුයේ වේදනාව (පංචස්කන්දයට අයත් වේදනාව) නැතිකර දැමූ විටය. එය නැතිවනුයේ අරහත් බවයේදීය. එතෙක් කුමන මාර්ගඵලයේ සිටිය ද වේදනාවන් දැනෙනු ලබයි. සීලය සම්පූර්ණ වුවද බිය, ශරීරය රැකගැනීමේ ආසාව නැති නොවූ එහෙත් එම සෝවාන් මාර්ගඵලලාභී උතුමන් අතින් එම වරද සිදුවනුයේ එක් අවස්ථාවකි. නැවත ඔහු ජීවිතයට හානියක් වුවද එම වරද නොකරනු ලබයි. සෝවාන් මාර්ගඵලලාභී උතුමන් සීලය සම්පූර්ණ කළද රාගය 100% ක් පමණි. නමුත් එම රාගය පරපුරුෂ සේවනයකට හෝ පර ස්ත්‍රී සේවනයකට අදාළ රාගයක් නොවෙති. අසම්මත රාගයක් ද නොවෙති. එම නිසාවෙන් ගිහි ජීවිතයේ දරුවන්, ස්වාමිපුරුෂයා, භාර්යාව සමග වාසය කළ හැකිය. සෝවාන් වුවද රාගය, භීතිය, වේදනාව ආදිය ප්‍රහීණ වී නැත. සිදුවී ඇත්තේ සීලය පමණක් සම්පූර්ණ වීමය. තමන් සෝවාන් වුවාද කියා පහසුවෙන් බලාගත හැකි ක්‍රමයක් වේ. තමන් සේවාන් වූ විට එය කිසිවෙකු ගෙන් අසා දැනගත යුතු නොවේ. තමන්ටම සොයාගත හැකිය. තමා සෝවාන්ද යන්න බලා ගැනීමේ ක්‍රමවේදය ඉතා පහසුය. නමුත් එය කළ හැක්කේ භාවනා කර සිත දියුණු කළ අයට පමණි. එම ක්‍රමවේදය නම් තමන් භාවනා කරන විට තම සිත බැලීමට පුරුදු වීමයි. තමන් සෝවාන් වී නම් තමාගේ සිත සමාධියේ පවතින විට බලා ගත හැකිය. සෝවාන් වීමේදී තම සිත සිතුවිලි පැමිණෙන. එම සිතුවිලි 03 සදාකාලිකවම සිත තුළ නතර වන සිතුවිලිය. එම සිතුවිලි 03 මොනවාද යන්න මෙහි නොදක්වනු ලබයි. මන්ද එවිට සෝවාන් නොවූ අයද එය තම වාසියට හරවා ගන්නා නිසාය. සමාධියේ සිට තමන් සොවාන්ද යන්න බැලීමේදී සිතෙහි ඉතිරි වී ඇති කෙලෙස් ප්‍රමාණය හා බිඳී ගිය කෙලෙස් ප්‍රමාණය පෙනී යයි. මෙය භාවනා නොකර බලාගැනීමේ හැකියාවක් නොමැත. සෝවාන්ද යන්න බැලීමේදී නිමිත්තක් සිතට දක්නට ලැබේ. එය යමක් මත යමක් තැබුවා වැනි නිමිත්තකි. ඒ පිළිබඳවද මෙහි නොදක්වනු ලබයි.
සිත බලනවා යැයි කියනුයේ තමන්ගේ ජීවිතයේ සිදුකළ සියලු දේ නැවත මතක ශක්තියෙන් මතක්කර බැලීමක් හෝ මතකය අවුස්සා බැලීමක් නොවන බව කරුණාවෙන් සිහිපත් කරමි. මෙම ක්‍රමවේදයේ තමන් රහත් ඵලයට යාම දක්වා සිත බලා, තමන් ධර්ම මාර්ගයේ සිටිනා තැන හා භාවනා කර සිත දියුණු කළ ප්‍රමාණය ද සොයාගත හැකිය. මෙලෙස සිත බලා සිය නිවන් මාර්ගයේ අඩුපාඩු සකසා ගැනීම ‘දහම් කැඩපත’ යැයි කියනු ලබයි. කැඩ පතකින් සිදුවනුයේ සිය අඩුපාඩු බලා සකසා ගැනීමය. එලෙසම දහම් කැඩපත තුළින් සිය ලෝකෝත්තර අංශයේ අඩු-පාඩු සකසා ගත හැකිය.
මාර්ගඵලවල දෙවැනි මාර්ග ඵලය සකෘදාගාමී මාර්ගඵලයයි. මෙම මාර්ගඵලයේදී සීලය තව තවත් සම්පූර්ණ වන අතර (සෝවාන් මාර්ගඵලයේදී සම්පූර්ණ වූ සීලය තව තවත් ශක්තිමත් වෙමින් වැඩි දියුණු වීම) මෙම සකෘදාගාමී මාර්ග ඵලයේදී සමාධිය 60% ක් දක්වා වැඩිවන අතර ප්‍රඥාව පෙරපරිදි වැඩෙමින් පවතී. මෙම සකෘදාගාමී මාර්ගඵලය වන විට රාගය 50% දක්වා අඩු වී ඇති අතර ආසාවල් අතහැරී නැත. මෙම දෙවැනි මාර්ගඵලය තමන්ට ලැබී ඇත්දැයි දැනගත හැක්කේ තමන්ගේ සිත බලා බිඳීගිය කෙලෙස් ප්‍රමාණය හා ඉතිරි වී ඇති කෙලෙස් ප්‍රමාණය දැකීමෙනි. මෙය ද කළ හැක්කේ භාවනා කර ධර්මය අවබෝධ කිරීමෙන් පමණි. පළමු හා දෙවැනි මාර්ගඵල දෙක එක ළඟින් පිහිටයි.
මෙම දෙවැනි මාර්ගඵලයට මදක් දුරස්ථව තුන්වන මාර්ග ඵලය වන අනාගාමී මාර්ගඵලය පවතී. මෙම අනාගාමී මාර්ගඵලයේදී තමන්ගේ සිතුවිලි බොහෝමයක් වෙනස්වෙයි. එම මාර්ග ඵලයේදී සමාධිය 100% වන අතර ආශාවල් 15% දක්වා අඩුවෙයි. රාග සිතුවිලි 0% කි. 0.% වෙති වටිනාකමක් නැති වුවද අරහත් ඵලයේදී 0% ද ගුණයේ වෙයි. ප්‍රඥාව මේ වන විට හොඳින් පවතින අතර ජීවිතයේ ගෙවන සෑම නිමේෂයක්ම සංසාරෙන් මිදීම සඳහා යොදාගනු ලබයි. මෙම තෙවැනි මාර්ගඵලයේදී ගිහි ජිවිතය පිළිකුල් කරනා අතර ගිහිගෙදරින් මිදී භාවනා කිරීමට සුදුසු ස්ථානයක් වෙත ගමන් කරනු ලබයි. බුදුන් වහන්සේ දේශණා කොට වදාළ නිවන් මාර්ගය අසන පිංවතුන්ට පමණක් කියා දීම අනාගාමී උතුමන්ගේ ලක්ෂණයකි. මෙම තෙවැනි මාර්ගඵලය ලැබීමේදී සිතුවිලි කිහිපයක් සිතට සදාකාලිකවම පැමිණ නතර වීමක් ද නිමිත්තක් පහළ වීමක් ද සිදුවේ. එම සිතුවිලි හෝ නිමිත්තද මෙහි නොදක්වනු ලබයි.
මහා රහතන් වහන්සේලා සහ රහතන් වහන්සේලා යනුවෙන් උතුමන් වහන්සේලා වේ. මහා රහතන් වහන්සේ නමකට සෘද්ධියෙන් ගමන් කළ හැකිය. ප්‍රාතිහාර පෑමේ හැකියාවක් ඇත. මහා රහතන් වහන්සේ නමක් සෘද්ධියෙන් වඩිනා විට එය මිනිසුන්ට නොපෙනේ. සෙමින්ද නොවඩී. ක්ෂණයකින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යා හැකිය. අහසින් පෙනෙන සේ සෙමින් සෙමින් පාවී නොයයි. සෑම රහතන් වහන්සේ නමකටම සෘද්ධි බලය හා ප්‍රාතිහාර පෑමේ හැකියාව නොමැත. එය එක් එක් රහතන් වහන්සේලා සංසාර ගමන තුළ සිදුකළ කුසල කර්මවල ඵල විපාකය මහා රහතන් වහන්සේලා යනු පංචාඅභිඥා ඇති උතුමන්ය. රහතන් වහන්සේලා යනු අභිඥාවක් හෝ අධික ප්‍රඥාවක් ඇති උතුමන්ය. මහා රහතන් වහන්සේලා දැනට වැඩ වාසය කරනුයේ ඉහත සඳහන් කළ පරිදි බෙරගල කන්දේ සමන් දෙවියන්ගේ පළතුරු උයන තුළ පිහිටි පන්සල තුළය. එම උතුමන් වහන්සේලා පස්නම හැර 31 තලය තුළ දැනට කිසිදු රහතන් වහන්සේ නමක් නොමවේ. රහතන් වහන්සේ නමක් බවට පත්වීමේදී ද සිතුවිලි 20 ක් එකවර පහළ වේ. එම සිතුවිලි පහළ වීමත් සමඟම සියලු කෙලෙස් නසා භව ගමන අවසන් කරලයි. එනම් නිවන් අවබෝධ කරගනු ලබයි. රහත්බාවයට පත්වීමේදී ගෙවන් කර්මද, කරන්න කර්ම ද නොමවේය.
සියලු කර්ම අවසන් කරනු ලබයි. රහත් වීමෙන් පසු කිසිදු කර්මයක් ඵල නොදෙති. කර්ම ඵල දෙනු ලබන්නේ නම් රහත් වී නොමැත. එමෙන්ම ආනන්තරීය පාපකර්මයක් ගෙවා අවසන් වන තෙක් රහත්වීමට මෙන්ම සමාදියක් ඇතිවීමවත් සිදුනොවෙති. ආනන්තරීය පාපකර්මයක් පූර්ණ වශයෙන් ගෙවා අවසන් වන තුරු මාර්ගඵල නොලැබෙති. ඇතමුන් මෙලෙස පවසයි. ආනන්තරිය පාපකර්මය ඒ අවස්ථාවේදී ඵල නොදෙන්නේ නම් මාර්ගඵල ලබන බවය. එය වැරදි අදහසකි. ආනන්තරිය පාපකර්ම කඩින් කඩ ඵල නොදෙයි. ඵල දීම එකවර සිදුවේ. ආනන්තරිය පාප කර්මයෙන් කොටසක් ගෙවා ඉතිරි කොටස ගෙවීමට පෙර මාර්ගඵල හෝ අරහත්වයට පත් නොවෙති. එය තවත් පැහැදිලි ලෙස පෙන්වා දෙන්නේ නම්, ආනන්තරියය පාපකර්මයක විපාකය 100% ක් යැයි උපකල්පනය කළහොත් එම කර්මයෙන් 50% ගෙවා අවසන් වීමෙන් හෝ 75%ක් ගෙවා අවසන් වීමෙන් හෝ 99% ක් ගෙවා අවසන් වීමෙන් හේ 99.99% ක් ගෙවා අවසන් වීමෙන් හෝ මාර්ගඵල අරහත්බාවය නොලැබෙයි. ආනන්තරිය පාපකර්මය 100% ම පූර්ණන වශයෙන් ගෙවා අවසන් නම් පමණක් සිය උත්සාහය, වීර්යය හා කුසල ශක්තිය මත අරහත්වයට පත්වෙයි. ප්‍රබල කුසල කර්මයන් කර තිබුණ ද ආනන්තරිය පාපකර්මය ගෙවා අවසන් වන තෙක් එම ප්‍රබල කුසල කර්ම විපාකයට නොපැමිණෙයි. ආනන්තරිය පාප කර්මයන් දිට්ඨ ධම්මවේදණීය වශයෙන් ඵල දීම නිසා එය කළ මොහොතේ සිට පළ දීමක් සිදුවන බව දතයුතුය.
ඉහත පැහැදිලි කරන ලද කරුණු සිය ප්‍රඥාවෙන්. නුවණින් විමසා තේරුම්ගත යුතුය. අරහත්වයේදී වේදනා, සංඥා, සංචාර, විඥාණය ද නැතිවී යන්නේ නම් අප සසර පුරා සිදුකළ හොඳ හෝ නරක, කුසල කර්ම හෝ අකුසල කර්ම විඥාණය සමඟ එකතු වී පවතින්නේ නම් විඥාණය අහෝසි වී යාමත් සමඟ ඒ සියල්ල ද අහෝසි විය යුතුය. එවිට කර්ම ඵල දීමක් අරහත් ඵලයේ දී සිදුනොවෙති. අරහත් ඵලයේදී ඉතිරි වනුයේ ක්‍රියාකාරී සිත් පමණි. එය ද මොළයේ හෙවත් ප්‍රඥාවෙන් මෙහෙයවනු ලබන්නකි. බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලැබුවේ ප්‍රඥාවන්තයින්ටය. එනම් මෙම ධර්මය අවබෝධ කරගැනීමට පින තිබෙනා, වාසනාව තිබෙනා අයට පමණි. ඉන් අදහස් කරනු ලැබුවේ අන් අය බුදුපියාණන් වහන්සේ නොසලකා හැරි බව නොවෙති. අන් ලෝකවාසී සත්වයන්ටද සුවය පිණිස බොහෝ අවස්ථාවලදී මහා කරුණාවෙන් කටයුතු කොට ඇත. එසේ ධර්මය සියල්ලටම අවබෝධ වී නම් සමස්ත ඉන්දියාව තුළම සිටිනා අය මාර්ගඵල ලැබිය යුතුය.
පිං අඩු අය එනම් කුසල් මඳ වූ අය සසර තුළ ගමන් කරයි. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේදී බොහෝ පෘතග්ජන ගිහි පිංවතුන් රහත්භාවයට පත්විය. එයට ප්‍රධානම හේතුව වනුයේ බුදුපියාණන් වහන්සේ නමකට ඕනෑම කෙනෙකුගේ සිත බලා එකී සිතෙහි කුසලයන් ඉස්මතු වීම පිණිස බණ පද සතරක් හෝ පහක් දේශනා කිරීමයි. බුදුපියාණන් වහන්සේ නමකට ඕනෑම අයෙකුගේ සිතට බණ දේශණා කිරීමේ හැකියාවක් ඇත. එමෙන්ම පිං ඇති අයෙකු මාර්ගඵලවල පිහිටුවීමට දීර්ඝ වශයෙන් ධර්මය දේශණා නොකරති. අල්ප වූ බණපද කිහිපයකින් එම පිං ඇති පුද්ගලයන් මාර්ගඵලවල පිහිටුවීමේ හැකියාව බුදුපියාණන් වහන්සේ තුළ වේ. බුදුපියාණන් වහන්සේ ජීවමානව මෙකල වැඩ නොසිටියද උන්වහන්සේ දේශනා කළ ධර්මය භාවනාවක් වශයෙන් වඩා, දැඩි ප්‍රතිපත්ති මත පිහිටා මාර්ගඵල ලැබීමේ හැකියාව පිං ඇති සියලු මිනිසුන් වෙත පවතී. මන්ද තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මය සන්දිට්ඨික වන නිසාය.
නිවන් මාර්ගයේ ගමන් කරනා බව පෙන්වමින් එම මාර්ගයේ ගමන් නොකිරීම තුළින් තමනුදු, අනුනුදු මුලාවට පත්වෙයි. එලෙස මුලාවට පත් කිරීමෙන් කල්ප ගණනක් ගතවන තෙක් එහි ඵල විපාක ගෙවීමට සිදුවේ. කල්ප ගණනක් යනතෙක් ධර්මාබෝධය ලැබීමට විනා පිවිතුරු ශ්‍රී සද්ධර්මය ඇසීමට නොහැකි වීම ද පිටසක්වල තුළ අන්ධකාරයේ සිටීමට සිදුවීම වැනි භයානක විපත් එයින් උරුම වන බව සිහිතබා ගත යුතුය. එම නිසාවෙන් ශ්‍රද්ධාවන්ත පිං ඇති අය කළ යුතු වනුයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය භාවනාවක් වශයෙන් වඩා ධර්මාබෝධය ලැබීමය. පොත් කියවා හෝ ධර්මය කටපාඩම් කරලීමෙන් හෝ නිවන් අවබෝධ කළ නොහැකිය. සසරින් මිදීමට නොහැකිය. කළ යුත්තේ පොත්වල ඇති දහම් කරුණු කියවා එයින් අවශ්‍ය දේ පමණක් ගෙන භාවනාවක් වශයෙන් එය වැඩීමය සසර දුක නිවා ගැනීමට නම් පළමුව සමථ භාවනාවින් ආරම්භ කර (මෛතී භාවනාව, බුදුගුණ භාවනාව) පසුව ශරීරය පිළිකුල දකිමින් විදර්ශනා භාවනාව වඩා මාර්ගඵල ලබා ගනිමින් නිවන තෙක් යාමට උත්සාහ කළ යුතුය. පොත් කියවමින් කිසියම් අයෙකුට හෝ නිවන් දැකිය නොහැකි බව සිහිතබා ගත යුතුය.
භාග්‍යවතුන් වහන්සේ දේශණා කළ ධර්මය අවබෝධ කිරීමෙන් පමණක් නිවන් අවබෝධ කළ හැකි බව දතයුතුය. ධර්මය අවබෝධ කරනුයේ, ධර්මය අවබෝධ වනුයේ භාවනාවක් වශයෙන් වැඩීමෙනි. බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේදී සිව්වනක් පිරිසම මාර්ගඵල ලබා ගත් බව සත්‍යය කරුණකි. පැවිදි උතුමන් පමණක් නොව ගිහි පිංවතුන්ද මගඵල ලබාගත් බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් වන්නේය. බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වන කාලය වන විට සසර තුළ කුසල කර්මයන් සිදුකළ අය මිනිස් ලොව උපතලබා බුදුපියාණෝ වහන්සේගෙන් ධර්මය අසා මාර්ගඵල ලබා සසරදුක අවසන් කරනු ලබයි. මෙම අවධිය වන විටත් ගෞතම බුදුපියාණන් වහන්සේගෙන් ධර්මය අසා ඇති පිංවත් මිනිසුන් සිටිති. නමුත් ඔවුන් සසරේ ගෙන ආ කර්ම මත මගපල ලබා නොමැත. එවැනි පුද්ගලයන් යහපත් කල්‍යාණමිත්‍රයන් සොයා උපදෙස් ගෙන සුදුසු භාවනාවන් වඩා සසර දුක නිවාගනිති. ඇතමුන් මාර්ගඵල ලබා ගනිති. එලෙස මාර්ගඵල ලබාගන්නා උතුමන් පැවිදි වී සිටිනා අය වශයෙන් ද ගිහි වශයෙන් සිටිනා අය ද වශයෙන් සිටි ගිහි පැවිදි වශයෙන් සිටීම මාර්ගඵල ලැබීමට බාධාවක් නොවෙති. මෙහි ඇත්තේ ශරීරයේ ශරීරයේ කතාවක් නොව සිතත් සමග සිදුවන දෙයකි. ශරීරය යනු විඥාණයේ තාවකාලික නවාතැන් පොළකි.
අධික ශ්‍රද්ධාවක් බුදුපියාණන් වහන්සේ කෙරෙහි ඇතිකර ගනිමින් බුදුගුණ භාවනාවන්, මෛත්‍රී භාවනාවත් වඩා ඒ තුළින් විදර්ශනා භාවනාව (ශරීරයේ පිළිකුල දැකීම) වැඩීම තුළින් පළවන මාර්ගඵලය වන සෝවාන් මාර්ගඵලය ඉක්මනින් ලැබෙන අතර (එය නිවැරදිව, ප්‍රතිපත්ති මත පිහිටා කළ යුතුය) එලෙස පළවන මාර්ගඵලයට පත්වන උතුමන්ට බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැකීමට හැකිවන අතරම බුදුපියාණන් වහන්සේ දේශණා කළ ධර්මය එම භාෂාවෙන්ම එලෙසටම ඇසීමේ හැකියාව, හිමිවේ. ඇතැම් භාවනායෝගී උතුමන්ට දෙවන මාර්ගඵලය ලැබීමත් සමඟම බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැකගත හැකිය. නමුත් මෙලෙස පළමු හා දෙවන මාර්ගඵල ලාභී උතුමන්ට බුදුපියාණන් වහන්සේ දර්ශනය වනුයේ භාවනාවදීය. නමුත් රහත්ඵලය ලබා ඇති උතුමන්ට ඕනෑම මොහොතකදී බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය ද ශ්‍රී දේහය ද බලා ගැනීමේ හැකියාවක් ඇත.
ලහිරු සඳකැලුම්
පිංවත් ස්වාමීන්
වහන්සේ හමුවී භාවනා කමටහන් ලබාගැනීමට අමතන්න.
0752707245 (සවස 5.00 ත් රාත්‍රී 9.00 ත් අතර ඇමතීමට කාරුණිකවන්න)