අනුර ජනපති නොගෙනා අයවැය රහස් පෙට්ටිය


අයවැය යනු රජයේ ඉතාම වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් එකකි. සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වෙන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අයවැයෙනි. රජය විසින් තම ප්‍රතිපත්තිමය අරමුණු සපුරාලීම සඳහා රාජ්‍ය මූල්‍යය සපුරා ගනු ලබන්නේ සහ එය බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීම සඳහා අයවැය යොදා ගනු ලබයි. යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා යෝජිත වියදම්, ආදායම්, ණයට ගැනීම් සහ අනිකුත් ගනුදෙනු අයවැය ප්‍රකාශනයෙන් විස්තර කරනු ලැබේ. අයවැය යනු විශේෂයෙන්ම ජනතාව සඳහා නිර්මාණය කරන ලද ලේඛනයක් වන අතර රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම සහ භාවිත කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාදීම සඳහා අයවැය ප්‍රකාශනය ඉදිරිපත් කෙරේ. 

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිදහස් ශ්‍රී ලංකාවේ 2026 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම පසුගිය දා සිදු කරන ලදි. එහිදී කාගේත් අවධානයට ලක් වූ කරුණක් වූයේ නවීකරණය වූ අයවැය රහස් පෙට්ටිය පිළිබඳවය.

මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන විට සියලු‍ දෙනාගේම දෑස් යොමු වෙන්නේ ඔහුගේ අතේ ඇති බහාලු‍ම වෙතය. එය, ලීයෙන් තැනූ සාම්ප්‍රදායික රහස් පෙට්ටියක් විය හැකිය, නැතහොත් නවීන බෑගයක් හෝ දේශීය නිර්මාණයක් විය හැකිය. කෙසේ වුවද, රටේ ආර්ථිකයේ අනාගතය තීරණය කරන අතිශය රහසිගත යෝජනා අඩංගු මේ බහාලු‍ම හැඳින්වෙන්නනේ “අයවැය රහස් පෙට්ටිය’ නමිනි. මෙම පෙට්ටිය හුදු ලේඛන බහාලු‍මක් නොව, නෛතික, ඓතිහාසික සහ දේශපාලනික වැදගත්කමකින් යුත් බලවත් සංකේතයකි.

මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණෙන මොහොතේ දී, ඔහු විසින් මෙම “රහස් පෙට්ටිය”‍ තමාගේම දෑතින් රැගෙන ඒම සම්ප්‍රදායික සිරිතයි. මෙය, එමගින් එම අයවැය යෝජනාවල සෘජු වගකීම තමන් වෙත පැවරී ඇති බව සංකේතවත් කරයි. පාර්ලිමේන්තු සැසිවාරයට පෙර අමාත්‍යවරයා සිය නිල නිවසේ සිට හෝ අමාත්‍යාංශයේ සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන දසුන මෙම පෙට්ටිය හෝ බෑගය සමඟ නිරූපණය වෙන අතර එය අයවැය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ නිල ආරම්භය සනිටුහන් කරයි. මෙම පෙට්ටිය යනු කඩදාසිවලට වඩා වැඩි යමකි. එය දේශපාලන, ආර්ථික හා ඓතිහාසික වැදගත්කමක් දරන සංකේතයකි.

මෙම පෙට්ටිය “රහස් පෙට්ටිය’ යන නම ලැබීමේ ප්‍රධානම හේතුව වෙන්නේ අයවැය රහස්‍යභාවයයි. රටේ බදු ප්‍රතිපත්ති, ආනයන - අපනයන නීති සහ මහා පරිමාණ වියදම් යෝජනා ආදී වැදගත් තොරතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොත දක්වා අතිශය රහසිගතව තබා ගත යුතුය. මෙම රහස්‍යභාවය රැකගැනීම සඳහා අයවැය ලේඛන සකස් කරන නිලධාරීන් සහ අමාත්‍යවරුන් විසින් රහස්‍යභාවය රැකගැනීමේ දිවුරුම් දීමක් පවා සිදුකිරීමේ සම්ප්‍රදාය ලෝකයේ බොහෝ රටවල ඇත. මේ සියලු‍ම රහසිගත ලේඛනවල භෞතික බහාලු‍ම ලෙස මෙම පෙට්ටිය සලකනු ලබයි.

“අයවැය රහස් පෙට්ටියේ”‍ ඉතිහාසය ගොඩනැඟී ඇත්තේ ශ්‍රී ලංකාවේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මතය. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට අයවැය පෙට්ටියේ සම්ප්‍රදාය ලැබී ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි. බ්‍රිතාන්‍යයේ මෙය ”‍රතු පෙට්ටිය”‍ (The Red Box)  හෝ Despatch Box ලෙස හැඳින්වේ. මෙය තද රතු පැහැති සම් ආවරණයකින් යුත් ලී පෙට්ටියකි. එය මත රජ කරන රජුගේ හෝ රැජිනගේ රාජකීය ලාංඡනය රන් අකුරින් මුද්‍රා තබා ඇත. පැරණිම සහ වඩාත්ම ප්‍රසිද්ධ “රතු පෙට්ටිය”‍ භාවිත කර ඇත්තේ 1860 දී මුදල් අමාත්‍යවරයා වූ විලියම් ඊ. ග්ලැඩ්ස්ටන් විසිනි. එය වසර 100 කට අධික කාලයක් එක දිගට භාවිත කරන ලදි. මෙම පෙට්ටිය අතිශය රහසිගත සහ වැදගත් රාජ්‍ය ලේඛන ගෙන යාම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංකේතයක් ලෙස සැලකේ.

එය ඉන්දීය සම්ප්‍රදායේ ආභාසය ලද “බහී කතා”‍ නමින් හැඳින්වේ. එය සාම්ප්‍රදායික ඉන්දියානු ගිණුම්කරණ පොතක් හා සමාන වේ. මෙය වහල් මානසිකත්වයේ සංකේතයක් වූ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් මිදී, ස්වදේශීය ආර්ථිකය සංකේතවත් කිරීමක් ලෙස සැලකේ.

අනෙක් රටවල අයවැය රහස් පෙට්ටියේ භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ඉන්දියාව ද මුලින්ම බ්‍රිතාන්‍යයේ රතු පෙට්ටියේ සම්ප්‍රදාය අනුගමනය කළ නමුත් කාලයත් සමඟ එය වෙනස් විය. ඉන්දීය මුදල් අමාත්‍යවරු වසර ගණනාවක් තිස්සේ විවිධ වර්ණවලින් යුත් සාම්ප්‍රදායික සම් බෑග් භාවිත කළහ. 2019 වසරේ සිට, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය වෙනස් කරමින්, අයවැය ලේඛන රෙදි කඩකින් ඔතන ලද පොත් ගොඩක් ලෙස (සාමාන්‍යයෙන් රතු පාට) ගෙන ඒම ආරම්භ කළාය. එය ඉන්දීය සම්ප්‍රදායේ ආභාසය ලද “බහී කතා”‍ නමින් හැඳින්වේ. එය සාම්ප්‍රදායික ඉන්දියානු ගිණුම්කරණ පොතක් හා සමාන වේ. මෙය වහල් මානසිකත්වයේ සංකේතයක් වූ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායෙන් මිදී, ස්වදේශීය ආර්ථිකය සංකේතවත් කිරීමක් ලෙස සැලකේ.

කැනඩාව ද බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුගමනය කරන අතර ඔවුහු ද රතු හෝ වෙනත් පැහැයකින් යුත් සම් බෑග් භාවිත කරති. කැනඩාවේ මුදල් අමාත්‍යවරුන් ද ඇතැම් අවස්ථාවල දී නවීන, සාමාන්‍ය බෑග් භාවිත කර සම්ප්‍රදායෙන් බැහැර වී තිබේ. ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ දී සාමාන්‍යයෙන් රතු පැහැති Despatch Box  සම්ප්‍රදාය අනුගමනය කරයි. සිංගප්පූරුව ද තම ස්වාධීනත්වයේ මුල් අවධියේ දී බ්‍රිතාන්‍ය රතු පෙට්ටියට සමාන, සිංගප්පූරු ලාංඡනය සහිත රතු පෙට්ටියක් භාවිත කළේය.

ශ්‍රී ලංකාවෙහි මෙම පෙට්ටියේ සම්ප්‍රදාය විකාශනය වූයේ මෙලෙසිනි.  “අයවැය රහස් පෙට්ටියේ”‍ සාම්ප්‍රදාය ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායෙනි. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සමඟම මෙම අයවැය ලේඛන පෙට්ටියේ භාවිතය ද ආරම්භ විය. ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසුවද, වසර ගණනාවක් තිස්සේ මුදල් අමාත්‍යවරුන් විසින් අයවැය යෝජනා රැගෙන ඒම සඳහා මෙම බ්‍රිතාන්‍ය රතු පෙට්ටියට සමාන වූ සම්ප්‍රදායික ලී පෙට්ටියක් භාවිත කරන ලදි. 
”‍අයවැය රහස් පෙට්ටිය”‍ යනු සම්ප්‍රදාය සහ රහස්‍යභාවය සංකේතවත් කරන වස්තුවක් වන අතර එහි භෞතික ස්වරූපය කාලයත් සමඟ වෙනස් වී ඇත. රහස් පෙට්ටියේ මෑත කාලීන වෙනස්කම් සහ නවීකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සම්ප්‍රදායික රහස් පෙට්ටියේ පළමු කැපී පෙනෙන වෙනස සිදු කරන ලද්දේ 1994 වසරේදී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනි. ඇය සම්ප්‍රදායික පෙට්ටිය වෙනුවට සරල අත් බෑගයක් හෝ වෙනත් බහාලු‍මක් භාවිත කළාය. එතැන් පටන්, විවිධ මුදල් අමාත්‍යවරු සම්ප්‍රදායික පෙට්ටියට අනුගත නොවී වෙනස් බහාලු‍ම් භාවිත කිරීමට පටන් ගත්හ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සම්ප්‍රදාය අනුගමනය කළ අතර පසුව බොහෝ දෙනා විසිතුරු රෙදි කඩකින් ආවරණය කළ පොත් භාවිත කළහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී ද විවිධ ආකාරයේ ලේඛන බහාලු‍ම් භාවිත කර තිබේ. 2024 නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ස්වදේශීය කලාත්මක අගයක් සහිත නව බහාලු‍මක් සම්ප්‍රදායික ලී පෙට්ටියට වඩා වෙනස් වූවක් භාවිත කරන ලදි. මෙහි දී සම්ප්‍රදායේ හැඩය වෙනස් වුවද “අයවැය රහස්”‍ රැගෙන ඒමේ අදහස එලෙසම පැවතුණි. 

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ස්වදේශීය කලාත්මක අගයක් සහිත නව බහාලු‍මක් සම්ප්‍රදායික ලී පෙට්ටියට වඩා වෙනස් වූවක් භාවිත කරන ලදි. මෙහි දී සම්ප්‍රදායේ හැඩය වෙනස් වුවද “අයවැය රහස්”‍ රැගෙන ඒමේ අදහස එලෙසම පැවතුණි.

මෙම ”‍රහස් පෙට්ටි”‍ හෝ ”‍බෑග්”‍ විසින් ඉටු කරන පොදු කාර්යයන් සහ සංකේත වන්නේ අයවැය කතාවේ අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන තුරු දැඩි රහසිගතව තබා ගැනීම සංකේතවත් කරයි. පාර්ලිමේන්තු ක්‍රමයේ ඓතිහාසික සහ නෛතික සම්ප්‍රදායන්ට ගරු කිරීම. රටේ දේශපාලන සහ ආර්ථික ස්වාධීනත්වය හෝ වෙනස්වෙන ප්‍රතිපත්ති සංකේතවත් කිරීමට ඇතැම් රටවල් හිතාමතාම සම්ප්‍රදායික වර්ණයන්ගෙන් හෝ හැඩයෙන් බැහැර වී තිබේ. මෙම පෙට්ටියෙහි අඩංගු වෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන අයවැය යෝජනා පමණක් නොවේ. මුදල් ඇමතිගේ අයවැය කතාවේ පිටපත, අයවැය ඇස්තමේන්තු ලේඛනය, වාර්ෂික මූල්‍ය ප්‍රකාශන, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත්වල සාරාංශ වේ. අයවැය සකස් කරන මුදල් අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අයවැය ඉදිරිපත් කරන තුරු එහි අන්තර්ගතය රහසිගතව තබන බවට දිවුරුම් දීමක් සිදු කිරීමේ සම්ප්‍රදාය පවා ඇත. “රහස් පෙට්ටිය”‍ මේ දැඩි රහස්‍යභාවය සංකේතවත් කරයි.

රහස් පෙට්ටියේ හැඩය කුමක්ද යන්න සහ එහි වර්ණය කුමක්ද යන්න ජනමාධ්‍යයේ සහ මහජනතාවගේ විශේෂ අවධානයට ලක්වේ. මෙවර අයවැය තුළද මුදල් අමාත්‍යවරයා වන අනුර කුමාර දිසානායක රැගෙන ආ බෑගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වුණි. එය අයවැය දිනයේ ප්‍රධාන ඡායාරූප අවස්ථාවක් බවට පත්ව ඇත. අයවැය රහස් පෙට්ටිය කුමන ස්වරූපයෙන් පැමිණියත්, දින නියමයකට රටේ ආර්ථිකය හැසිරවීමට බලය පවරන නෛතික ලේඛනවල බර සංකේතවත් කරයි. එමෙන්ම එය මුදල් අමාත්‍යවරයා විසින් අයවැය ප්‍රතිපත්තිවල වගකීම තමාගේම දෑතින් රැගෙන එන බවට ජනතාවට ලබාදෙන දේශපාලන පණිවිඩය ද වේ.

ශෂිකා අබේරත්න