මිරිස්කුඩු ගසා මං කොල්ල කෑ පවුලක්ම මාට්ටු


(සජීවා කෝට්ටගොඩ)

තනිවම යතුරු පැදියකින් ගමන් ගන්නා කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් පැළඳ සිටි රන් ආභරණය කොල්ල කෑමේ නිරතව සිටි මවක් ,පියෙක් සහ පුතෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

‎සැකකරුවන් යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වාරියපොළ ,පාදෙණිය ප්‍රදේශයේදී මව හා පුතා අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පලා ගිය පියා දළදාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනේ මහව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් ඔස්සේ කළ විමර්ශනයකින් පසුවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් තුන් හැවිරිදි මවක, පහළොස් හැවිරිදි පුතු සහ විසි දෙහැවිරිදි මවගේ දෙවන විවාහ යේ සැමියා බව පොලිසිය සඳහන් කරයි.

‎අත්අඩංගුවට ගත් මව පස් මස් ගැබිනියක් බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.