
(යොහාන් භාසුර)
පාකිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (16) සමත් විය.
පාකිස්තානු ක්‍රීඩකයෝ රාවල්පින්ඩිහිදී අද (16) පැවැති තුන්වැනි සහ අවසන් තරගයෙන් ද කඩුලු 6 ක පහසු ජයක් ලබමින් මෙම පූර්ණ තරගාවලිය ජයග්‍රහණය සම්පූර්ණ කිරීමට සමත් වූහ.
පාකිස්තානු පිල ලකුණු 212 ක ජයග්‍රහය ඉලක්කය ඕවර 44.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 211 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 29, කුසල් මෙන්ඩිස් 34, සදීර සමරවික්‍රම 48, පවන් රත්නායක 32, මොහොමඩ් වසීම් 47/3, ෆයිසාල් අක්‍රම් 42/2, හැරිස් රවුෆ් 38/2) පාකිස්තානු පිල ඕවර 44.4 කදී කඩුලු 4 ට 215 (ෆකාර් සමාන් 55, බාබර් අසාම් 34, මොහොමඩ් රිස්වාන් නොදැවී 61, හුසෙයින් ටලට් නොදැවී 42, ජෙෆ්රි වැන්ඩසේ 42/3)

