(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ නුවර මාර්ගයේ 76 කණුව අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9 එම් එම් වර්ගයේ පතරොම් 15 ක් සහිත උණ්ඩ ගැබ හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම්ගේ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඉකුත් 6 වෙනිදින එම පතරොම් සහිත උණ්ඩ ගැබ හමුවිය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කෑගල්ල පොලිසිය මෙම පතරොම් ගැබ ගලිගමුව අබන්පිටිය පදිංචි හර්ෂ රගුනාථ සියඹලා පිටිය යන අයගේ බවට අනාවරණය කර කරගෙන තිබු අතර 2008 වර්ෂයේ අමාත්‍යවරයකුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කල පිස්තෝල ගිනි අවියට අමතරව තබා ගත් මැගසිනය බවට වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙකු වන හර්ෂ රගුනාථ සිඹලා පිටිය යන අය පිස්තෝල අවිය දමා තිබූ බෑගයේ සිපරය විවෘත වීමෙන් පතොරම් ගැබ නොදැනුවත්ව වැටුණු බවට පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙමින් වැඩිදුරටත් පවසා ඇත.