දිවුලපිටිය අයවැයත් සම්මතයි


(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි) 

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද හතරකින් ඊයේ (27) සභා සම්මත විය. 

ජාතික ජන බලවේගයේ ජනක විකුම්තිලක සභාපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර  මන්ත්‍රීවරුන් අතර විවාදයට භාජනය කිරීමෙන් පසු අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද  26 ලැබිණි. 

ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්තීවරුන් 26 දෙනා.    අයවැයට පක්ෂව ඡන්දය දුන්හ. විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 22 කි.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, සහ පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ සර්ව ජන බලයේ නියෝජිතයා   අයවැය යෝජනාවට විරුද්ධව ජන්දය දුන් අතර සමගි ජන බලවේගයේ  වාසනා සෙව්වන්දි  මන්ත්‍රීවරිය පමණක් සභාවේ නොසිටියේය.

ඒ ඒ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව මන්ත්‍රීවරුන් හිටගත්තා කියා බෙදීමක් ඇති වුවත් ඊට අමනාප නැතැයි ද ඒ හේතු කොටගෙන කිසිම මන්ත්‍රීවරයෙක් කොන් නොකරන බවද ඒ බව තේරුම් අරන් තමන් කටයුතු කරන බවද මෙහිදී පිළිතුර කතාව කරමින් සභාපති ජනක විකුම්තිලක මහතා  පිළිතුරු කතාව කරමින්  පැවසීය