“ඒලෙවල්” සමතුන්ටත් ගුවන් පාලක වරම්


නිමන්ති රණසිංහ   

අපොස උසස් පෙළ සමතුන්ද ගුවන් ගමන් පාලකවරුන් ලෙස බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගුවන් ගමන් පාලකවරුන් බඳවා ගැනීමේදී තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් අඩු කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.


ගුවන් ගමන් පාලකවරුන්ට උපාධියක් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ පමණක් බව පැවසූ අමාත්‍යවරයා අපොස උසස් පෙළ භෞතික විද්‍යාව, ගණිතය සහ භූගෝල විද්‍යාව සමත් අයද මෙම තනතුරට බඳවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ප්‍රකාශ කළේය.   


ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් ගුවන් ගමන් පාලකවරුන් රට අතහැර යන බවත් එම පාලකවරුන් මෙරටේ රාජකාරි සඳහා පමණක් නොව විදේශයන්ටද යැවීමට හැකි වන පරිදි පුහුණුකිරීම් වැඩි කළ යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.