‘‘සමිට් ප්ලැට්’’ ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට


(අජන්ත කුමාර අගලකඩ)   

කොළඹ 7 කැප්පෙටිපොළ මාවතේ සමුළු නිවාස ‘‘සමිට් ප්ලැට්’’ පවතින අක්කර 12 ක ඉඩමෙන් අක්කර 10 ක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත .   

එම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් ව්‍යාපෘති යෝජනා කැඳවීමට ද රජය අපේක්ෂා කරයි .   


එහි ඉතිරි අක්කර දෙකක භූමියේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහා නිල නිවාස 400 ක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත.   


දැනට මෙම අක්කර දොළහක භූමියේ සමුළු නිවාස 176 ක් සහ බංගලා නිවාස පහළොවක් පවතී.