ෆොන්සේකා ඉවත් කරගන්න


පක්ෂ සභාපති ධුරයෙන් සරත් ෆොන්සේකා ඉවත් කරන්නැයි සජබ ජ්‍යෙෂ්ඨයෝ ඉල්ලති

නිමල කොඩිතුවක්කු

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කරන ලෙසට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.


සමගි ජන බලවේගයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ සතියේදී පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව පවතී.

පක්ෂයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගවලට අවනත නොවී දිගින් දිගටම නායකත්වය සහ පක්ෂය විවේචනය කරමින් ප්‍රකාශ සිදුකරද්දී ඔහු තවදුරටත් පක්ෂ සභාපතිධූරයේ තබාගත යුතුදැයි එම ජ්‍යෙෂ්ඨයන් විපක්ෂනායකවරයාගෙන් ප්‍රශ්න කර තිබේ. 


ෆොන්සේකා මහතා තවදුරටත් පක්ෂ සභාපතිධුරයේ තබා ගැනීමෙන් පක්ෂයට විශාල හානියක් සිදුවිය හැකි බැවින් වහාම පක්ෂ විනය කමිටුවට කැඳවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඔවුන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා තිබේ.


සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව වහාම විනය ක්‍රියාමාර් ගන්නැයි පක්ෂයේ ආසන සංවිධායකවරුන් විසින්ද මෙයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.