ෆැක්ටරි , සේවා ස්ථාන 2000 ක් වැහිලා


රැකියා නැති තරුණ පිරිසත් වැඩි වෙලා

ගිය වසරේ පන් ලක්ෂ තිස් තුන් දාහකට රස්සා නැතිවෙලා

සුජිත් හේවාජුලිගේ

විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000කට ආසන්න සංඛ්‍යාවක්  වැසී යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය  පනස් අටකට ගිය වසරේදී රැකියා අහිමි වී ඇතැයි  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.