ෆයිසර් එන්නත් තොග ලැබුණාම තුන්වැනි මාත්‍රාව විදින්න සූදානම්


(පද්මිණි මාතරගේ)   

කොරෝනා මර්දන තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ප්‍රතිපත්තියක් ලෙස එන්නත් කමිටුව විසින් පිළිගෙන ඇති බවත්, අදාළ ප්‍රමාණවත් ෆයිසර් එන්නත් තොගය ලද වහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.   

එහිදී එම එන්නත් මාත්‍රාව ලබාදෙන දින වකවානු, වයස් කණ්ඩායම්, මුලින්ම ලබා දෙන්නේ කුමන ප්‍රදේශවලට ද යන්න ඇතුළු ප්‍රමුඛතා කාරණා පිළිබඳ නිර්​දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද ඒ මහතා කීය.   


දැනට ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබී තිබෙන බවත්, තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට එය ප්‍රමාණවත් නොවන අතර එයට ප්‍රමාණවත් එන්නත් තොගයක් ලද වහාම අදාළ කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.