ෆයිසර් එන්නතට මියන්මාරයෙන් හාල්


සුජිත් හේවාජුලිගේ

මෙරට ඉතිරිවී ඇති ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගය මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට රජයේ අවධානය යොමු වී ඇත.   

මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර ඇති බවයි.   


මෙම ෆයිසර් එන්නත් තොගය තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිතය. මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විදේශයන්ගෙන් ඩොලර් මිලියන 15ක ආධාර දැනටමත් ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.